ගයිලස් කෙල්මන්සන් දකුණු අප්‍රිකාවේ වනජීවි නිලධරියෙකි. ඔහු විශ්වාස කළ නොහැකි දර්ශනයක් විස්තර කරයි. කුඩා වලසුන් දෙදෙනෙකු සිංහයන් හය දෙනෙකුගේ අහංකාරය බිඳ දැමූ ආකාරය ඔහු විස්තර කරයි. පැනි ආහාරයට ගන්නා කුඩා සතුන් දෙදෙනා ඔවුන්ට වඩා දස ගුණයක් විශාළ වූ විෂඝෝර ආක්‍රමණිකයන් වන සිංහයන්ගෙන් පසු බැසිම ප්‍රතික්‍ෂේප කළහ. මෙම කුඩා වලසුන් දෙදෙනා මැරීම සුළු දෙයක් ලෙසට සිංහයන් සිතන්න ඇති. නමුත් වීඩියෝ දර්ශන පෙන්වන්නේ කුඩා වලසුන් අහංකාරයෙන් ඉවත්ව යන ආකාරයයි.

දාවිත් සහ ගොලියත් අපට ඊටත් වඩා විශ්වාස කිරීමට අසීරු කථාවක් ඔප්පු කරයි. තරුණ අත්දැකීම් අඩු දාවිත්ට කුරිරු පිලිස්තියෙක් වන ගොලියත්ව මුණ ගැසුණි. තරුණ විරුද්ධවාදියාට වඩා බොහෝ උස් මහත්වූ ගොලියත්ට මෘග ශක්තියක් සහ තඹ කඩුද තියුණු හෙල්ලයක්ද බොහෝ ආයුධද තිබුණි (1 සාමුවෙල් 17:5-6). දාවිත් කුඩා එඬේර කොල්ලෙකි. ඔහුට තිබුණේ කැටපලයක් පමණී. ඔහු සටන් බිමට ආවේ තම සහෝදරයන්ට ගෙන යාමට තිබු රොටී සහ කේජුද රැගෙනය (17-18 පද).

ගොලියත් සටනට එන්න යැයි ඉශ්‍රායෙලයට අභියෝග කළේය. කිසිවෙකුත් කැමති නොවීය. සාවුල් රජු සහ සියලු ඉශ්‍රායෙල්වරු ත්‍රස්ත වූහ (11 පදය). දාවිත් දර්ශනයට අවතීර්ණ වූ විට ඇතිවූ කම්පනය කල්පනා කරන්න. ඉශ්‍රායෙල්හි පුහුණු පළපුරුදු සොල්දාදුවන්ට නොතිබුණු ධෛර්යයක් ඔහුට දුන්නේ කුමක්ද? වැඩි කාලයක් ඔවුන්ගේ දෑස ආාක්‍රමණය කර තිබුණේ ගොලියත්ය. කෙසේ වෙතත් දාවිත් දුටුවේ දෙවියන්වහන්සේවය. “ස්වාමින් වහන්සේ ගොලියත්ව මාගේ අතට දෙනු ඇත” ඔහු ස්ථිරව කීවේය (46 පදය). ගොලියත් සිද්ධිය පාලනය කරන බව අනෙක් සෑම කෙනාම විශ්වාස කළද දාවිත් විශ්වාස කළේ දෙවියන්වහන්සේ ඉහළින් විශාලව සිටින බවය. යෝධයාගේ නළලට වැදුණු එක් ගලින් දාවිත්ගේ ඇදහිල්ල ස්ථිර විය.

මෙම දිනවල අපගේ ගොලියත්ලා (කරදර) සිද්ධිය පාලනය කරන බව සිතන්න අපි පෙළඹෙමු. දෙවියන්වහන්සේ විශාලය. උන්වහන්සේ අපගේ ජීවිත කථාව පාලනය කරන සේක.