1960 ගණන්වල බාබරා බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ජීවත් විය. නමුත් ඇයට වයස අවුරුදු 16 ක් වන විට ඇයට සහ ඇයගේ අලුත උපන් පුත්‍රයාට නිවහනක් නැති විය. ඒ වයසේදී ඇයට සැපයීමට රජය බැඳී නොසිටියේය. බාබරා එංගලන්තයේ මහරැජිනට ලිපියක් යැවීය. ඇයට පිළිතුරක් ලැබුණි. රැජින ඇයගේම වියදමින් බාබරාට නිවසක් ලබා දුන්නාය.

බාබරාට උපකාර කිරීමට අවශ්‍ය මූලාශ්‍ර බ්‍රිතාන්‍ය රැජිනට තිබුණි. ඇයගේ සානුකම්පිත උපකාරය දෙවියන්වහන්සේගේ උපකාරයේ කුඩා සංකේතයකි. ස්වර්ගයේ රජු අපගේ සියලු අවශ්‍යතා දන්නා සේක. සර්වබලධාරී උන්වහන්සේ අපගේ ජීවිතයේ උන්වහන්සේගේ සැළසුම් ක්‍රියාත්මක කරන සේක. උන්වහන්සේ එසේ කරන විට උන්වහන්සේගේ කැමැත්ත අප උන්වහන්සේ වෙත පැමිණීමය. ඒ අප සහ උන්වහන්සේ අතර ඇති ප්‍රේමණීය සම්බන්ධතාවයේ කොටසක් ලෙස උන්වහන්සේට අපගේ කරදර සහ අවශ්‍යතා පැවසීමෙනි.

ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ අවශ්‍යතාවය වන නිදහස දෙවියන්වහන්සේ වෙත ගෙන ආවෝය. ඔවුහු මිසර වහල්කමින් පීඩා වින්දෝය. ඔව්හු උපකාර ඉල්ලා මොර ගැසූහ. උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන්දී තම පොරොන්දුව සිහි කළ සේක. “දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්ත්වය සැළකූ සේක” (නික්මයාම 2:25). උන්වහන්සේ මෝසෙස්ට උපදෙස් දුන්නේ තම සෙනගට නිදහස දීමටය. එසේම ඔවුන් නිදහස් කොට ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාල වූ දේශයකට කිරි සහ මීපැණි ගලා යන්නාවූ දේශයකට ගෙන ඒමට පොරොන්දු වූ සේක (3:8).

අප උන්වහන්සේ වෙත එනවාට අපගේ රජ්ජුරුවන් වහන්සේ කැමතිය. අප ආශා කරන දේ නොව අපට අවශ්‍ය දේ උන්වහන්සේ ණැනවත්ව සපයන සේක. උන්වහන්සේගේ සර්වබල ප්‍රේමණීය සැපයීමේ අපි විශ්‍රාම යමු.