1983 ජූලි 8 වෙනිදා ඇමෙරිකානු ගුවන් නියමුවෙකු නිව්මැක්සිකෝහි ඇල්බර්කර්කර්ක් නගරයේදී අතුරුදහන් විය. ඔහු ගැන කිසි හෝඩුවාවක් නැති විය. වසර 35 කට පසුව කැලිෆෝර්නියාවේදී ඔහු නැවත හමු විය. “නිව්යෝර්ක් ටයිම්ස්” සඟරාව වාර්තා කළේ තම රැකියාව ගැන මානසික අවපාතයකට වැටී ඔහු පැන ගිය බවයි.

වසර තිස්පහක් ඔහු දිවීය. ජීවිතයෙන් භාගයක් පසුපස හැරි හැරී කාලය ගත කළේය. පීඩනෝන්මාදය සහ කණස්සල්ල ඔහුගේ සමීප මිතුරෝ වූහ.

නමුත් මා පිළිගත යුත්තේ මටත් “දිවීම” ගැන අත්දැකීම් ඇති බවය. ශාරීරිකව මා කිසි දෙයක් හදිසියේ අත්හැර දිව්වේ නැත. නමුත් සමහර විට දෙවියන්වහන්සේ මාගේ ජීවිතයෙන් බලාපොරොත්තු වන දේවල් ඇති බව මම දන්නෙමි. ඒ මා මුහුණ දිය යුතු කාරණයක් හෝ සමාව ගත යුතු හෝ කාරණයකි. මා එය කිරීමට අකමැතිය. ඒහෙයින් මාත් එක්තරා විධියකට දුවන්නෙමි.

අනාගතවක්තෘ යෝනා නිනිවයට ගොස් දේශනා කිරීමට දෙවියන්වහන්සේ කී විට පැන දිවීම ගැන කුප්‍රකටය (යෝනා 1:1-3). නමුත් ඔහුට දෙවියන්වහන්සේගෙන් පැන දිවීමට නොහැකි වුනි. ඔහුට වූ දෙය ඔබ දන්නවා ඇත (4, 17 පද). කුණාටුවක්, මත්ස්‍යයෙක්, ගිල දැමීමක්, මත්ස්‍යයාගේ ආමාශයේ සිටීම. යෝනා නැවත සිතුවේය. ඔහු උපකාර ඉල්ලා දෙවියන්වහන්සේට මොර ගැසීය (2:2).

යෝනා සම්පූර්ණ අනාගතවක්තෘ කෙනෙකු නොවේ. නමුත් එම මනහර කථාවෙන් මට සහනයක් ලැබේ. ඊට හේතුව යෝනාගේ මුරණ්ඩුකම මධ්‍යයෙහි දෙවියන්වහන්සේ ඔහු අත් හැරියේ නැත. මනුෂ්‍යයාගේ කර කියා ගත නොහැකි යාච්ඤාවට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් සේක. පැකිලීමෙන් සිටි සේවකයාව අනුග්‍රහයෙන් එසවූ සේක (2 පදය). දෙවියන්වහන්සේ අපටද එසේ කරන සේක.