ඩිස්කවරි සඟරාවේ සංස්කාරවරයෙකු වන ස්ටීවන් කාස් ඔහුගේ දෛනික ජීවිතයේ සමහර නොපෙනෙන දේවල් සොයා බැලීමට අධිෂ්ඨාන කර ගත්තේය. දිනක් නිව්යෝර්ක් නගරයෙහි ඔහුගේ කාර්යාලය වෙත ගමන් කරන අවස්ථාවක් ඔහු කල්පනා කළේ එම්පයර් රාජ්‍ය ගොඩනැගිල්ලේ ඉහළ ඇති ගුවන් විදුලි තරංග (එහි බොහෝ ගුවන් විදුලි සහ රූපවාහිනි ඇන්ටනා තිබේ) වර්ණවත් ආලෝකවලින් සැරසීමට හැකි නම් ඒවා මුළු නගරයම ආලෝකමත් කරනු ඇත කියාය. තමන් ගුවන් විදුලි සහ රූපවාහිනී වයි ෆයි යනාදි දේවලින් වටවී සිටින බව ඔහු තේරුම් ගත්තේය.

එලීෂාගේ සේවකයා තවත් වර්ගයක නොපෙනෙන සත්‍යයක් ගැන එක් උදෑසනක ඉගෙන ගත්තේය. ඒ නොපෙනෙන ආත්මික ලෝකය ගැනයි. ආරාම්ගේ හමුදාව ඔහුව සහ ඔහුගේ ස්වාමියාව වටකර ගෙන සිටින බව ඔහු දිටීය. ඔහුගේ ඇස් පේන මානයේ බලවත් අසුන් මත සිටි සොල්දාදුවන් ඔවුන් වට කර ගෙන ඇති ආකාරය ඔහු දිටීය (2 රාජාවලිය 6:15). සේවකයා භිය විය. නමුත් එලීෂා විශ්වාසයෙන් සිටියේය. ඊට හේතුව ඔවුන් වටකර සිටි දේවදුතයන් හමුදාව එලීෂා දුටු නිසාය. “ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය” කියා ඔහු කීවේය (16 පදය). එවිට ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවේ ස්වාමින්වහන්සේ සතුරා වටකර ඇති බවත් උන්වහන්සේ පාලනයේ සිටින බවත් සේවකයා දැන ගන්නා පිණිස ඔහුගේ දෑස් විවෘත කරන ලෙසය (17 පදය).

ජීවිතය දරා ගැනීමට බැරි බවත් අසරණ බවත් ඔබට දැනෙනවාද? දෙවියන්වහන්සේ පාලනයේ සිටින බවත් ඔබ වෙනුවෙන් සටන් කරන බවත් මතක තබා ගන්න. “නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්‍ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දුතයන්ට නුඹ ගැන අණ දෙන සේක” (ගිතාවලිය 81:11).