එංගලන්ත පාපන්දු ක්‍රීඩාවේ තිබෙන කුතුහලය දනවන දෙයක් නම් ක්‍රීඩා ලෝලීන් සෑම තරඟයකටම ප්‍රථම ගායනා කරන තේමා ගීතයයි. එම ගීත වලට “සම්පූර්ණයෙන් ප්‍රීතියි” යන්නේ සිට “මා සැම දින බුබුළු පිඹිමි” වැනි පුදුමාකාර ගීතයන්ද ඇතුළත් වේ. උදාහරණයක් වශයෙන් ගීතාවලිය 23 බටහිර බ්‍රොම්විච් ඇල්බියන් කණ්ඩායමේ ගීතයයි. ක්‍රීඩාංගණය ඇතුළත බිත්තියේ එම කණ්ඩායම මෙම ගීතිකාව ලියා තිබේ. එම ක්‍රීඩකයන් බැලීමට එන අයට යහපත්, ශ්‍රේෂ්ඨ සහ ප්‍රධාන එඬේරාගේ රැකවරණය ප්‍රකාශ වේ.

ගීතාවලිය 23 හි දාවිත් අදටත් ප්‍රසිද්ධ “ස්වාමින්වහන්සේ මාගේ එඬේරාය” (1 පදය) යන්න ප්‍රකාශ කළේය. පසුව ශුභාරංචි ලේඛක මතෙව් අපට පවසන්නේ “(යේසුස්වහන්සේ) සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක” (මතෙව් 9:36) යනුවෙනි. යොහන් 10 හි යේසුස්වහන්සේ උන්වහන්සේ ජීවත්වූ කාලයේ සිටි මනුෂ්‍යයන්ට කීවේ “බැටළුවන්” කියාය. “මම යහපත් බැටළු එඬේරාය” කියා උන්වහන්සේ කී සේක. “යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය” (11 පදය). යේසුස්වහන්සේගේ සානුකම්පාව නිසා උන්වහන්සේ සෙනග සමග මිශ්‍ර වූ සේක. ඔවුන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වා අවසානයේ ඔවුන් සහ අප වෙනුවෙන් පූජා වූ සේක.

“ස්වාමින්වහන්සේ මාගේ එඬේරාය” යන්න පැරණි ගී පදයකට හෝ දක්‍ෂ කියමනකට හෝ වඩා එහා යයි. අපගේ බලවත් දෙවියන්වහන්සේ විසින් අපව දැනගැනීම සහ ප්‍රේම කිරීම කෙතරම්ද යන්න සහතික කරන ප්‍රකාශයකි. එසේම උන්වහන්සේගේ පුත්‍රයා විසින් ගළවා ගත්තේය යන්න කෙතරම්දැයි සහතික කරන ප්‍රකාශයකි.