සූර්යකාන්ත මල් ලොව පුරා නිදහසේ හැදී වැඬේ. මීමැස්සෝ ඒවා පරාගණය කරන්නෝය. පැළ අධිවේගී මාර්ග දෙපස, පක්‍ෂි ආහාර භාජන යට, නියරවල සහ තෙත් බිම්වල වැඩෙති. නමුත් අස්වැන්නක් ලබා දීමට නම් එම මල්වලට සරු පොළොවක් අවශ්‍ය වේ. ජලය බැස යන, සුළු වශයෙන් ආම්ලික, පෝෂණීය කාබනික ද්‍රව්‍ය හෝ කොම්පෝස්ට් හෝ අඩංගු සරුපසක් අවශ්‍ය වේ. ගොවි අත්පොත එසේ කියන්නේය. එසේ වුවහොත් මල් වලින් රස බීජ, පවිත්‍ර තෛලය සහ සූර්යකාන්ත ගොවියන්ට රැකියා අවස්ථාද නිපදවන්නේය.

අපගේ ආත්මික වර්ධනයටද අපට සරුපස් අවශ්‍ය වේ (ලූක් 8:15). යේසුස්වහන්සේ වපුරන්නාගේ උපමාවේ කී ලෙස දේව වචනය ගල් සහ කටු බිම් වලද පැළවේ (6-7 පද). නමුත් එය හොඳින් හැදී වැඩෙන්නේ “අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන” අය තුළය (15 පදය).

සුර්යකාන්ත මල හැදී වැඩෙන විට ඒවා එවනි ඉවසීමකින් වැඩෙන්නේය. එය දිනය පුරා හිරුගේ හැරීම අනුව හැරෙන්නේය. එම ක්‍රියාවලියට හිරු අනුගමණය කිරීම යයි කියනු ලැබේ. නමුත් වර්ධනය වූ සූර්යකාන්ත මල් ස්ථිරව නැගෙනහිරට හැරී පවතිමින් මලේ මූණත උණුසුම් කර ගනී. පරාගණය කරන මීමැස්සෝ වැඩි වැඩියෙන් ඒවා කරා එති. ඒ කරණකොටගෙන විශාල අස්වැන්නක් ඇති වේ.

සූර්යකාන්ත මල් බලා ගන්නා අය මෙන් අපටද දේව වචනයට සරු පසක් සැකසිය හැකිය. ඒ උන්වහන්සේගේ වචනය අල්ලා ගෙන උන්වහන්සේගේ පුත්‍රයා අනුගමණය කිරීමෙනි. එසේම අපව වර්ධනය කිරීම පිණිස අවංකකම සහ යහපත් සිතක් ඇති කර ගැනීමෙනි. එය දෛනික ක්‍රියාවලියකි. අප පුත්‍රයාණන් අනුගමනය කර වැඩෙමු.