ඩෙනිස් තම ප්‍රේමවන්තයා සමග ප්‍රේමයෙන් වෙලී සිටින කාලයේ ඇය මහත අඩු කිරීමටද අලංකාර ලෙස ඇඳීමටද උත්සාහ කළාය. ඇය සිතුවේ තමා එලෙස කිරීමෙන් ඔහු තමාට වඩාත් ආකර්ෂණය වනු ඇතැයි කියාය. සාමාන්‍යයෙන් කාන්තා සඟරා පෙන්වන්නේ එයයි. ඔහුගේ නියම සිතුවිලි තේරුම් ගැනීමට ඇයට බොහෝ කාලයක් ගත විය. “ඔබ මහතට ඉන්න කාලෙත් මම ඔබට ප්‍රේම කළා. ඔබගේ ඇඳුම් ගැන මම වැඩිය සිතුවේ නැහැ” ඔහු ඇයට පසුව කීවේය.

“අලංකාරය” කෙතරම් විෂය බද්ධද කියා ඩෙනිස්ට වැටහුණි. අප ලස්සන දෙස බලන ආකාරයට අන් අයගේ අදහස් වලින් බොහෝ බලපෑම් ඇතිවේ. බොහෝ විට එය අවධානය යොමු කරන්නේ පිටස්තරයටය. අභ්‍යන්තර අලංකාරය අමතක වේ. නමුත් දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ එක් විධියකට පමණි. ඒ උන්වහන්සේගේ පියකරු ප්‍රේමණීය දරුවන් ලෙසය. දෙවියන්වහන්සේ ලෝකය මැවු විට උන්වහන්සේ හොඳම දෙය අවසානයට තැබූ සේක. ඒ අපය. උන්වහන්සේ මැවූ සියල්ල යහපත් විය. නමුත් අපි අති විශේෂය. ඊට හේතුව අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති නිසාය (උත්පත්ති 1:27).

දෙවියන්වහන්සේ අපව මනහර ලෙස සළකන සේක. ස්වභාධර්මයේ ශ්‍රේෂ්ඨත්වය සමග මනුෂ්‍යයන්ව සංසන්දනය කරන විට ගීතිකාකරු මවිතයෙන් පිරීම පුදුමයක් නොවේ. “ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:4). එහෙත් මනුෂ්‍යයාට වෙන කිසිවකට නැති මහිමයක් සහ ගෞරවයක් දීමට දෙවියන්වහන්සේ තීරණය කළ සේක (5 පදය).

මෙම සත්‍යය උන්වහන්සේව ප්‍රශංසා කිරීමට ස්ථිරතාවයක් සහ හේතුවක් දෙන්නේය (9 පදය). අන් අය අප ගැන කුමක් සිතුවත් අපි අප ගැන කුමක් සිතුවත් මෙය දැන ගන්න! අපව දෙවියන්වහන්සේට පියකරුය.