සෙලීනා නැන්දා තම දසවන උපන් දිනයට තෑග්ගක් ලෙස එවූ උපැස් යුවළ පැළඳ ගත් විට සේවියර් මැකූරි කඳුළු සැළීය. ඔහු උත්පත්තියෙන්ම වර්ණවලට අන්ධ වුනි. සේවියර් ලෝකය දැක තිබුණේ අළු, සුදු සහ කළු වර්ණ වලින් පමණී. ඔහුගේ අලුත් “එන්ක්‍රෝමා” කණ්නාඩිය නිසා ඔහු ප්‍රථම වරට වර්ණ දිටීය. ඔහු අවට තිබු වර්ණ දැක ඔහු තුළ ඇතිවූ අමන්දානන්දය ඔහුගේ පවුලේ අයට හාස්කමක් දුටුවාක් මෙන් විය.

දෙවියන්වහන්සේගේ වර්ණවත් විහිදෙන දීප්තිය දැක අපෝස්තලු යොහන් තුළ බලවත් ප්‍රතිචාරයක් ඇති කළේය (එළිදරව් 1:17). උත්ථාතන වූ ක්‍රිස්තුස්වහන්සේගේ මුළු මහිමය හමුවූ යොහන්ට “ස්වර්ගයේ සිංහාසනයක්ද …. එහි වැඩහුන් කෙනෙක්ද” ගැන ඡායාවක් පෙණුනි. “…. එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය…. සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය” (එළිදරව් 4:2-5).

පෙර කාලයකදී එසකියෙල්ටද එවැනි දර්ශනයක් ලැබුණි. “නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය”. එහි “ඉහළට ගිනි පෙනීමක් වැනි දිලිහෙන පිත්තලවල බැබළීමක් වාගේ දුටිමි” (එසකියෙල් 1:26-27). එම මහඟු ඡායාව වටකර දේදුන්නක දීප්තිය බැබළිනි (28 පදය).

යම් දිනෙක අපි ක්‍රිස්තුස්වහන්සේ මුහුණට මුහුණ ලා හමුවෙනු ඇත. මේ දර්ශන අප වෙනුවෙන් තබා ඇති තේජෝ මහිමයේ කුඩා ඡායාවක් පමණි. අප දෙවියන්වහන්සේගේ මැවිල්ලේ අලංකාරය සමරන විට අනාගතයේ එළිදරව් වීමට තිබෙන මහිමය බලාපොරොත්තු වෙමු.