වීනස් බාඳුරා මල පළමුවෙන් සොයගනු ලැබුවේ අප නිවසට නුදුරින් උතුරු කැරොලිනාවේ තෙත් වැලි පළාතකය. මේ පැළ දස බලා සිටීම මනහරය. ඒවා මාංශ භක්‍ෂිකය.

වීනස් බාඳුරා මල් මිහිරි සුවඳක් දෙන ද්‍රාවයක් නිකුත් කරයි. ඒවා විවෘත මල් මෙන් සෑදුණු අලංකාර උගුල්ය. කෘමියෙකු ඒ තුලට රිංගූ විට මල වටා තිබෙන සංවේදී ඉන්ද්‍රියන්ට එය දැනේ. තත්පරයකටත් අඩු කාලයකින් උගුල වැසේ. ටික වේලාවකින් ශ්‍රාවයක් නිකුත් වී කෘමියා ජීර්ණ කිරීම ආරම්භ වන්නේය. වැලි පසෙහි නැති පෝෂණය ගසට ලැබෙන්නේ එලෙසය.

දෙවියන්වහන්සේගේ වචනය අප බලාපොරොත්තු නොවන අවස්ථාවල අප හසුකර ගන්නා උගුලක් ගැන කියන්නේය. අපෝස්තලු පාවුල් තම ගෝලයා වන තිමෝතිට අනතුරු අඟවන්නේ “නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය” සහ “සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය” යනුවෙනි (1 තිමෝති 6:9-10).

මුදල් සහ ද්‍රව්‍යාත්මක දේවල් සතුට පොරොන්දු වේ. නමුත් ඒවා අපගේ ජීවිතයේ මුල් තැන ගත් විට අපි භයානක ස්ථානයකට වැටෙමු. අප මේ උගුල මග හරින්නේ ස්තුතිවන්ත යටහත් ආත්මයකින් දෙවියන්වහන්සේ විසින් යේසුස්වහන්සේ මගින් අපට ලබා දෙන යහපත්කම ගැන අවධානය යොමු කරමිනි. “ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය” (6 පදය).

දෙවියන්වහන්සේ අපව තෘප්තියට පමුණුවන ලෙස අපව සෑහිමකට පත් කිරීමට ලෝකයේ දේවලට බැරිය. සත්‍යය වූ පවතින්නාවූ තෘප්තිය අපට ලැබෙන්නේ උන්වහන්සේ තුළ සම්බන්ධතාවය තුළින් පමණී.