2016 හි චිකාගෝ බේස්බෝල් කණ්ඩායම වසර සියයකට පසුව ලෝක තරඟාවලිය ජයගත් විට සමහර මූලාශ්‍රවලට අනුව එම ජයග්‍රහණය සැමරීමට මිලියන පහක් පමණ සෙනග පෙරහැරට එකතු වූන අතර නගර මධ්‍යයෙහි රැළියකටද ඔව්හු සහභාගී වූහ.

ජයග්‍රාහී රැළි නූතන සොයා ගැනීමක් නොවේ. ප්‍රසිද්ධ පුරාණ පෙරහැරක් නම් රෝමානු සැමරීමයි. ජයග්‍රාහී හමුදාපතීන් සෙනග පිරි මාර්ගවල තම හමුදා සහ සිරකරුවන් පෙරහැරේ ගෙන ගියෝය.

කොරින්ති සභාවට ලියන විට එවැනි පෙරහැරක රූපයක් පාවුල්ගේ මනසේ තිබී ඇති බව පෙනේ. ඔහු දෙවියන්වහන්සේට ස්තුති කළේ ඇදහිලිවතුන් අල්ලගත් සිරකරුවන් ලෙස ජයග්‍රාහී පෙරහැරේ ගෙන ගිය බැවින්ය (2 කෙරින්ති 2:14). මේ රූපකයේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ක්‍රිස්තුස්වහන්සේගේ වහලුන් ලෙස සඳහන් වීම මට කුතුහලයකි. කෙසේ වෙතත් ඇදහිලිවතුන් ලෙස සහභාගී වීමට අපට බල නොකෙරේ. නමුත් අපි කැමැත්තෙන් වහලුන් වී සිටිමු. ඒ උත්ථානවූ ජයග්‍රාහී ක්‍රිස්තුස්වහන්සේ විසින් නායකත්වය දෙන එම පෙරහැරේය. කිතුණුවන් ලෙස අප එය සමරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය තුළිනි. උන්වහන්සේ තම රාජ්‍යය ගොඩ නගන සේක. නිරයේ දොරටු එය පරාජය නොකරන්නේය (මතෙව් 16:18).

අප යේසුස්වහන්සේ කුරුසියේ ලද ජයග්‍රහණය සහ ඇදහිලිවතුන්ට දෙන නිදහස ගැන කථා කරන විට අප උන්වහන්සේ ගැන දැන ගැන්ම නැමැති “සුවඳ සැම තැනම පතුරවමු” (2 කොරින්ති 2:14). සෙනග එය ගැළවීම ගැන ස්ථිරතාවයේ මිහිර ලෙස හෝ ඔවුන්ගේ පාරජයේ දුගඳ ලෙස පිළිගත්තද අප යන කොතැන වුවද මෙම බලවත් සුවඳ හමන්නේය.

අප ක්‍රිස්තුස්වහන්සේ අනුගමණය කරන අතර අප උන්වහන්සේගේ නැවත උත්ථානවීමේ ජයග්‍රහණය ප්‍රකාශ කරන්නෙමු. ඒ ලෝකයට ගැළවීම දෙන්නාවූ ජයග්‍රහණයයි.