රතු එළිය වැටුණු නිසා මම මෝටර් රථය නතර කළෙමි. කලින් මා දුටු මිනිසා නැවතත් පාර අසළ සිටිනවා මම දුටුවෙමි. ඔහු කාඩ් බෝඩ් ලාංඡනයක් අල්ලා ගෙන සිටියේය. “ආහාර සඳහා මුදල් අවශ්‍යයි. ඕනෑම දෙයක් උපකාරයක් වන්නේය” කියා එහි ලියා තිබුණි. මම අහක බලා ගෙන සුසුමක් හෙළීමි. මම අවශ්‍යතාවයන් ඇති අයව මග හරින පුද්ගලයෙක් වීමිද?

සමහරු අවශ්‍යතා ඇතැයි පෙන්වති. නමුත් ඇත්ත වශයෙන්ම ඔව්හු රඟපාති. නමුත් ඔවුන්ට විනාශකාරී ඇබ්බැහිවීම්වලින් ගැළවිය නොහැකිය. සමාජ සේවකයෝ අපට කියන්නේ අපගේ ප්‍රදේශයේ උපකාර කරන ආයතනවලට දීම වඩා හොඳ බවය. මම ඔහු පසුකර ගියෙමි. මට වේදනාවක් දැනුනත් සමහර විට මම ණැනවත්ව ක්‍රියා කළා විය හැකිය.

“අලසව ජීවත්වන අයට තරවටු කිරීමටද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කරන මෙන්ද දුර්වලයන්ට ආධාර කරන මෙන්ද” (1 තෙසලෝනික 5:14) දෙවියන්වහන්සේ අපට අවවාද කරන සේක. මෙය කිරීමට නම් යමෙක් අයිති මොන වර්ගයටද කියා අප දැන ගත යුතු වෙමු. අපි දුර්වල සිත් බිඳී ඇති අයෙකුට තරවටු කළහොත් ඇයගේ සිත බිඳී යාමට ඉඩ තිබේ. අපි අලසයෙකුට උපකාර කළහොත් අපි අලසකමට අනුබල දෙන්නාක් මෙනි. අප හොඳින්ම උපකාර කරන්නේ ඒ අයට සමීප වීමෙනි. ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය හොඳින් දන්නා විටය.

යමෙකුට උපකාර කිරීමට දෙවියන්වහන්සේ ඔබගේ සිතට බරක් දී තිබේද? හොඳයි! දැන් රාජකාරිය ඇරඹෙන්නේය. ඒ පුද්ගලයාට අවශ්‍ය කුමක්ද කියා ඔබ දන්නවා යයි නොසිතන්න. ඇගේ කථාව බෙදා ගන්න කියා ඇහුම්කන් දෙන්න. යාච්ඤාවෙන් ණැනවත්ව උපකාර කරන්න. ඔබගේ සතුට වෙනුවෙන් නොවේ.
“එකිනෙකාට යහපත කිරීමට” අප අරමුණු කරන විට ඔවුන් පැකිලුනත් “අප එකිනෙකා සමග ඉවසිලිවන්තව සිටිමු” (14-15).