මාගේ සය හැවිරිදි පුත්‍රයා වන ඕවන් ලෑල්ලක කරන අලුත් ක්‍රීඩාවක් ලැබීම ගැන ඉතා සතුටු විය. නමුත් පැය භාගයක් පමණ එහි නීති කියවු පසු ඔහු අධෛර්යයට පත් විය. එය ක්‍රියාත්මක වන ආකාරය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. නමුත් පසුව එම ක්‍රීඩාව දන්නා මිතුරෙකු පැමිණි පසුව ඕවන් තම ත්‍යාගය ගැන ප්‍රීති වන්න පටන් ගත්තේය.

ඔවුන් ක්‍රීඩා කරනවා බලා සිටින මට සිතුණේ අත්දැකීම් ඇති ගුරුවරයෙකු සිටී නම් අලුත් දෙයක් ඉගෙනීම කෙතරම් පහසුද කියාය. අප ඉගෙන ගන්නා විට උපදෙස් කියවීම උපකාරී වන්නේය. නමුත් යමක් කර පෙන්විය හැකි මිතුරෙකු සිටීම විශාල වෙනසක් කරන්නේය.

අපෝස්තලු පාවුල්ටද මෙය තේරුම් ගියේය. තීතස්ගේ සභාව ඇදහිල්ලෙන් වර්ධනය කර ගන්නා ආකාරය කියා දෙමින් පාවුල් තුමා කිතුණු ඇදහිල්ල ආදර්ශවත් ලෙස පෙන්විය හැකි අත්දැකීම් ඇති ඇදහිලිවතුන්ගේ වටිනාකම පෙන්වීය. යහපත් ධර්මය අනිවාර්යයෙන් වැදගත්ය. එය කථා කිරීමෙන් පමණක් නොවේ එහි ජීවත් විය යුතුවේ. පාවුල් ලීවේ මහළු පිරිමින් සහ ස්ත්‍රීන් පමණ දැන ක්‍රියා කළ යුතු බවත් කරුණාවන්ත විය යුතු බවත් ප්‍රේමණිය විය යුතු බවත්ය (තීතස් 2:2-5). ඔහු කීවේ “සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න” (7 පදය) යනුවෙනි.

මම ස්ථිර ඉගැන්වීම ගැන ස්තුතිවන්ත වෙමි. එසේම ආදර්ශයක් දෙන බොහෝ අය ගැනද ස්තුතිවන්ත වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් වන්නේ කෙසේද කියා ඔවුන් තම ජීවිතවලින් මා හට පෙන්වූහ. එසේම ඒ මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද කියා දැක ගැනීමට පහසු කළෝය.