මාගේ නැන්දම්මාගේ හදවත් රෝගයෙන් ඇතිවූ කණස්සලු කාලයේදී ක්‍ෂණික වෛද්‍ය ප්‍රතිකර්ම ලැබීමට ඇය වාසනාවන්ත විය. පසුව වෛද්‍යවරයා මට කීවේ අසාධ්‍ය රෝගීන්ට විනාඩි පහළොවක් ඇතුළත ප්‍රතිකර්ම කළහොත් සියයට 33 කට සුවවීමේ ප්‍රවණතාවයක් ඇති බවය. ඒ කාලයට පසු ප්‍රතිකර්ම කළහොත් අවස්ථාවක් ඇත්තේ සියයට 5 කට පමණී.

අසාධ්‍යව සිටි යායිරස්ගේ දියණිය සුව කිරීමට යන අතර (ක්‍ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයෙක්) යේසුස්වහන්සේ සිතිය නොහැකි දෙයක් කළ සේක. උන්වහන්සේ නැවතුණු සේක (මාර්ක් 5:30). තමාට අත ගැසුවේ කව්දැයි බැලීමට උන්වහන්සේ නැවතුණු සේක. ඉන්පසුව එම ස්ත්‍රීයට මෘදු ලෙස කථා කළ සේක. යායිරස් කල්පනා කරන දෙය ඔබට සිතිය හැකිය. “මේවට කාලයක් නැහැ. මගේ දියණිය මිය යමින් සිටියි”. එවිට ඔහුගේ බිය ස්ථිර විය. යේසුස්වහන්සේ ප්‍රමාද වූවා වැඩි බව ඔහුට පෙණුනි. ඔහුගේ දියණිය මිය ගියාය (35 පදය).

නමුත් යේසුස්වහන්සේ යායිරස් වෙත හැරී ධෛර්යය වචනයක් පැවසූ සේක. “බිය නොවන්න! ඇදහිල්ලෙන් සිටින්න” (36 පදය). බලා සිටි අයගේ අපහාස ගණන් නොගෙන ක්‍රිස්තුස්වහන්සේ යායිරස්ගේ දියණියට කථා කළ සේක. ඇය නැවත නැගිට්ටාය. උන්වහන්සේ කිසිදා ප්‍රමාද නැති බව උන්වහන්සේ පෙන්වූ සේක. උන්වහන්සේ යමක් කිරීමට තීරණය කළ විට උන්වහන්සේට කළ හැකි දෙය සීමා කිරීමට කාලයට නොහැකිය.

අප බලාපොරොත්තු වන දෙය කිරීමට දෙවියන්වහන්සේ ප්‍රමාද වැඩිය කියා යායිරස් මෙන් අපට කෙතරම් වාරයක් හැඟී ඇත්ද? නමුත් දෙවියන්වහන්සේ සමග එවැන්නක් නැත. අපගේ ජීවිතවල යහපත් සහ දයාවන්ත දේවල් කිරීමට උන්වහන්සේ කිසි විටෙක ප්‍රමාද නොවන සේක.