1948 එක් උදෑසනක තම ගෙදර ඉදිරිපස සීනුව නාදවන විට තමාගේ ජීවිතය කුමණ අතට හැරේදැයි හැරලන් පොපොව් දැන සිටියේ නැත. අනතුරු ඇඟවීමක් නොමැතිවම බල්ගේරියානු පොලිසිය ඔහුව සිර භාරයට ගත්තේ ඔහුගේ ඇදහිල්ල නිසාය. ඊළඟ අවුරුදු 13 ම ඔහු සිර ගෙදර ජීවත්වූයේ ශක්තිය සහ ධෛර්යය ඉල්ලා යාච්ඤා කරමිනි. කුරිරු සැළකිලි මධ්‍යයෙහි පවා දෙවියන්වහන්සේ තමා සමග බව ඔහු දැන සිටියේය. ඔහු තම හවුල් සිරකරුවන් සමග ශුභාරංචිය බෙදා ගත්තේය. බොහෝ අය විශ්වාස කළෝය.

උත්පත්ති 37 හි ඇති කථාවේ කෝපවූ සහෝදරයන් යෝසෙප්ව වෙළඳුන්ට විකුණූහ. පසුව ඔවුන් ඔහුව මිසරයට ගෙන ගොස් පෝතිඵර් නැමැති මිසර නිලධාරියාට විකුණු අතර තමාට කුමක් වේදැයි යෝසෙප් දැන සිටියේ නැත. ඔහු සිටියේ දස දහස් ගණන් දෙවියන් විශ්වාස කළ සෙනගක් මධ්‍යයේය. තත්ත්වය උග්‍රවූයේ පෝතිඵර් භාර්යයාව යෝසෙප්ව වරදට පෙළඹවීමට උත්සාය කළ විටය. යෝසෙප් කිහිප වරක් ප්‍රතික්‍ෂේප කළේය. ඇය ඔහුට එරෙහිව බොරු චෝදනාවක් කළ හෙයින් ඔහුට හිර ගෙදරට යන්නට සිදුවිය (39:6-20). එහෙත් දෙවියන්වහන්සේ ඔහුව අත්හැරියේ නැත. උන්වහන්සේ ඔහු කළ සියල්ලේදී ජයග්‍රහණය දුන් සේක. එසේම අධිපතීන් පවා ඔහුට කරුණාව සහ පිහිට දානය කළ සේක (39:3 සහ 21).

යෝසෙප්ට දැණුනු බිය ගැන සිතන්න. නමුත් ඔහු විශ්වාසවන්තව අවංකව සිටියේය. යෝසෙප්ගේ අසිරු ගමනේදී දෙවියන්වහන්සේ ඔහු සමග සිටි සේක. එසේම උන්වහන්සේට ඔහු ගැන විශිෂ්ඨ සැළැස්මක් තිබුණි. උන්වහන්සේගේ සිතෙහි ඔබ ගැනද සැළැස්මක් තිබෙන්නේය. උන්වහන්සේ ඔබව දකින බවත් දන්නා බවත් විශ්වාස කරමින් සිත දිරිමත් කර ගෙන ඇදහිල්ලෙන් ගමන් කරන්න.