සත්‍ය ලෙස ජිවත්වෙනවා යනු කුමක්ද? “ද වෙල්වර්ටීන් රැබිට්” නැමැති ළමා කථාවේ පිළිතුරු ලැබෙන්නේ එම ප්‍රශ්නයටය. එය මොන්ටිසෝරියක සෙල්ලම් බඩු ගැන කථාන්දරයකි. එහි “වෙල්වර්ටීන් හාවා” උත්සාහ කරන්නේ කුඩා දරුවෙකුගේ ප්‍රේමයට ලක්වීමට ඉඩ හැර සත්‍යයක් බවට පත් වීමටය. එහි සිටින තවත් සෙල්ලම් බඩුවක් නම් ණැනවත් වයස් ගත සම් අශ්වයායි. බොහෝ යාන්ත්‍රික සෙල්ලම් බඩු පැමිණ පාරට්ටුකර කැඩි ගොස් නැතිවී යනවා ඔහු දැක තිබේ. ප්‍රේමය සම්බන්ධයෙන් බැලූ විට ඔවුන්ගේ පාරට්ටුව නිෂ්ඵලය.

පුරසාරම ආරම්භ වන්නේ ශක්තිමත්වය. නමුත් අවසානයෙහි එය මැකී යයි. යෙරෙමියා එය පෙන්නුම් කරන ක්‍ෂේත්‍ර තුනක් ප්‍රකාශ කරයි. “ප්‍රඥාව….. ශක්තිය….වස්තුව…” යනාදි වශයෙනි (යෙරෙමියා 9:23). ණැනවත් වයස්ගත අනාගතවක්තෘ මෙම කාරණා ප්‍රකාශ කිරීමට දැන සිටි අතර ඔහු එම පුරසාරම් ස්වාමින්වහන්සේගේ සත්‍ය සමග සම්බන්ධ කළේය. “පාරට්ටු කරගන්නා ….. ස්වාමින්වහන්සේ මම යයි තේරුම් ගෙන මා දැන ගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටු කරගනීවා” (24 පදය).

දරුවන් වන අප අපගේ යහපත් පියාණන් වන දෙවියන්වහන්සේ ගැන පාරට්ටු කර ගනිමු. අනාවරණය වන උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම කථාන්දරයෙහි තව තවත් සත්‍ය වන පිණිස අප වැඩෙන මනහර මාර්ගයක් වන්නේ එයයි.