බොබීගේ හදිසි මරණය විසින් මරණයේ යථාර්ථය සහ ජීවිතයේ කෙටිභාවය මට සිහිපත් කළේය. කුඩා කාලයේ පටන් මා සමග සිටි මිතුරිය හිමෙන් පිරි මාර්ගයක සිදුවූ අනතුරකින් මිය ගියාය. කැඩී බිඳී ගිය පවුලක හැදී වැඩුණු ඇය මෑතකදී ස්වාමින්වහන්සේ තුළ අලුත් ඇදහිලිවන්තියක ලෙස ඉදිරියට යමින් සිටියාය. ඇයගේ ජීවිතය එතරම් ඉක්මණින් අවසන් වූයේ කෙසේද?

සමහර විට ජීවිතය ඉතා කෙටි බවත් දුකින් පිරී ඇති බවත් පෙන්නුම් කරන්නේය. ගීතාවලිය 39 හි ගීතිකාකරු වන දාවිත් තමාගේම වේදනාව ගැන කෙඳිරිලි නගා කියන්නේ “ස්වාමිනී මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැන ගන්ට සැළැස්සුව මැනව. මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා. බැලුව මැනව ඔබ මාගේ දවස් වියතක් මෙන් කළ සේක. මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක් මෙනි” (4-5 පද) යනුවෙනි. ජීවිතය කෙටිය. අප සිය වසක් ජීවත් වූවත් සම්පූර්ණ කාලය සමග සසඳන විට එය හුස්ම පොදකි.

එහෙත් දාවිත් සමග අපට කිව හැක්කේ “මාගේ බලාපොරොත්තුව ස්වාමින්වහන්සේ කෙරෙහිය” (7 පදය) යනුවෙනි. අපගේ ජීවිතවල අර්ථයක් ඇති බව අපට විශ්වාස කළ හැකිය. අපගේ ශරීර වැහැරී ගියද ඇදහිලිවතුන් ලෙස අපට ස්ථිරභාවයක් තිබේ”. අභ්‍යන්තර මනුෂ්‍යයා දිනපතා අලුත් වේ. එක් දිනකදී අපි සදාකාල ජීවිතයේ උන්වහන්සේ සමග ප්‍රීති වනු ඇත (2 කොරින්ති 4:16). අප මෙය දන්නේ “පැමිණෙන දේ සහතික කර දෙවියන්වහන්සේ අපට ආත්මයාණන්” දී ඇති නිසාය.