“බලන්න සහ දකින්න” යන කෙටි චිත්‍රපටිය වෙන්ඩල් බෙරී නැමැත්තාගේ ජීවිත කථාවයි. කර්තෘ බෙරී දික්කසාදය අපගේ ලෝකයේ තත්ත්වය විස්තර කරන බව පවසන්නේය. අප එකිනෙකාගෙන් වෙන්වී සිටිමු. ඉතිහාසයෙන් දේශයෙන් අප වෙන්වී සිටිමු. සම්පූර්ණව තිබිය යුතු දේවල් බෙදී තිබේ. මේ කණගාටුදායක කාරණය ගැන කුමක් කළ යුතුද කියා ඇසූ විට බෙරී කීවේ “අපට සියල්ල එක් කළ නොහැකිය. අපි දේවල් දෙකක් ගෙන ඒවා එකට දමමු” කියාය. අපි කැඩී වෙන්වුණු දෙකක් ගෙන එය නැවත එකක් කරමු.

“සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය” (මතෙව් 5:9) යයි යේසුස්වහන්සේ අපට කියන සේක. සමාදානය ගෙන ඒම යනු ශාලොම් ඇති කිරීමය. ෂාලොම් යන්නෙහි අර්ථය ලෝකය හරි මගට ගෙන ඒමයි. එක් දේව ධර්මාචාරවරයෙක් ෂාලොම් විස්තර කරන්නේ “විශ්වයේ බිදීම සම්පූර්ණකම සහ ආශාව ලෙසය…. කාරණා තිබිය යුත්තේ එලෙසය. ෂාලොම් යනු බිඳුණාවූ දෙයක් රැගෙන එය සම්පූර්ණ කිරීමය. යේසුස්වහන්සේ අපට මග පෙන්වන ලෙස අප දේවල් හරි ගැස්සීමට උත්සාහ කරමු. උන්වහන්සේ අප කැඳවන්නේ සමාදානය කරන්නන් කිරීමටය. “පොළොවේ ලුණු” සහ “ලෝකයේ ආලෝකය” (13-14 පද) වීමටය.

ලෝකයේ සමාදානය ඇති කරන්නන් වීමට බොහෝ මාර්ග තිබේ. නමුත් ඒ එකිනෙක බිඳුණුකමට යට කිරීමට නොව එය හරිගැස්සීමට කටයුතු කරමු. දෙවියන්වහන්සේගේ බලයෙන් මිත්‍රකමක් නැතිවී යාමට හෝ අසල්වාසීන්ට දුක් විඳීමට හෝ අසාධාරණයක් වීමට හෝ තනිවීමට හෝ ඉඩදී බලා නොසිටිමු. බිඳුණු ස්ථාන දෙස බලමු. ඒවා නැවත හරි ගැස්සීමට දෙවියන්වහන්සේ අපට ප්‍රඥාව සහ නිපුණත්වය දෙනු ඇතැයි විශ්වාස කරමු.