විලියම් කේරිගේ ගමෙහි (1761-1834) ඔහු සමග හැදුණ වැඩුණ අය ඔහු වැඩි යමක් කරාවියැයි බලාපොරොත්තු නොවන්න ඇත. නමුත් අද නූතන මිෂනාරි සේවයේ පියා ලෙස ඔහුව අපි හඳුන්වමු. ඔහුගේ දෙමව්පියන් රෙදි වියන්නෝය. ඔහු අසාර්ථක ගුරුවරයෙකු සහ සපත්තු අලුත්වැඩියා කරන්නෙකු විය. තනිව ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් ඉගෙන ගත්තේය. සෑහෙන කාලයකට පසු ඉන්දියාවට මිෂනාරිවරයෙකු ලෙස යෑමේ සිහිනය ඔහු ඉටුකර ගත්තේය. ඔහු බොහෝ අසීරුතාවලට මුහුණ දුන්නේය. දරුවාගේ මරණය, ඔහුගේ භාර්යාවගේ මානසික රෝගය, ඔහු සේවය කළ අයගෙන් වසර ගණනාවක් තුළ ලැබුණ ප්‍රතික්‍ෂේපය ඉන් සමහරකි.

ඔහු මුළු බයිබලයම භාෂා හයකටද එහි කොටස් තවත් භාෂා විසි නවයකටද පරිවර්ථනය කරද්දී ඔහුට පැමිණුන අසීරුතා බිඳගෙන යන්නට ඔහුට හේතු වූයේ කුමක්ද? මම “ගාටමින්” යන කෙනෙක් ඔහු කිවේය. ඕනෑම නියත ඉලක්කයක් කරා යන්න මට පුළුවන්. කෙතරම් බාධා ආවද ඔහු දෙවියන්වහන්සේට සේවය කිරීමට කැප විය.

හෙබ්‍රෙව් කර්තෘ අනුශාසනා කළේ ක්‍රිස්තුස්වහන්සේට දක්වන මෙම භක්තියයි. තම ලිපිය කියවන අයට ඔහු කීවේ දෙවියන්වහන්සේට ගෞරව කරන අතර “අලස නොවී” (හෙබ්‍රෙව් 6:12) “උත්සාහවන්තකම” අවසානය දක්වා පෙන්වන්න කියාය (11 පදය). උන්වහන්සේ ඔවුන්ගේ “වැඩය” සහ “පෙන්වන ප්‍රේමය” අමතක නොකරන බවට ඔහු සහතික වූයේය.

විලියම් කේරිගේ අවසන් වසර වලදී දෙවියන්වහන්සේ තමන්ගේ අවශ්‍යතා සැපයූ ආකාරය ගැන ඔහු බොහෝ විට ප්‍රකාශ කළේය. “උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ කවදාවත් කැඩුවේ නැහැ. ඒ නිසා මම උන්වහන්සේට කරන සේවය නතර කරන්නේ නැහැ”. දිනපතා උන්වහන්සේට සේවය කිරීමට දෙවියන්වහන්සේ අප බලගන්වන සේක්වා!