හෙරෝයින් පානය මාරාන්තික ලෙස භයංකරය. භාවිතා කරන්නන් තුළ ඔරොත්තු දීම ඇතිවේ. ඒ හෙයින් කාලයෙන් කාලයට එම උත්තේජනය ලබා ගැනීමට වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමට සිදුවේ. ඉක්මණින්ම ඔවුන් සොයන ප්‍රමාණය ඔවුන්ගේ මරණයට ප්‍රමාණවත් වේ. වැඩිපුර අරගෙන යමෙකු මිය ගිය බව හෙරොයින් ලෝලියෙකු ඇසූ විට ඔහුගේ පළමු සිතුවිල්ල බිය නොවේ. “මා එය ලබා ගන්නේ කොහෙන්ද?” යන්නයි.

සී.එස්. ලුවිස් මේ පහළට කැරකී යාම “ස්කෲටේප් ලෙටර්ස්” යන පොතෙහි සඳහන් කරයි. පරීක්‍ෂාව කරන ආකාරය ගැන යක්‍ෂයෙකු කරන විග්‍රහයක් ඔහු මන:කල්පිතව විස්තර කරයි. කිසියම් තෘප්තියකින් ආරම්භ කරන්න. හැකිනම් දෙවියන්වහන්සේගේ යහපත් තෘප්තියකින් අරඹන්න. පසුව එය දෙවියන්වහන්සේ තහනම් කර ඇති ආකාරයට දෙන්න. පුද්ගලයා වරක් එය අනුභව කළ විට ඔහු තව තවත් සෙවීමට පොළඹවන පිණිස දෙන ප්‍රමාණය අඩු කරන්න. ඉන්පසු අප ඒ මනුෂ්‍යයාගේ ආත්මය ලබා ගන්න තුරු කෙමෙන් අඩුවන තෘප්තියකට සැම විට වැඩිවන ආශාවක් සපයන්න. ඉන්පසු කිසිවක් ඔහුට නොදෙන්න.

හිතෝපදේශ 7 හි මෙම විනාශකාරී චක්‍රය ප්‍රකාශ කෙරේ. ඒ ලිංගික පාපයට පැමිණෙන පරීක්‍ෂාව සම්බන්ධයෙනි. ලිංගිකත්වය දෙවියන්වහන්සේගේ ත්‍යාගයකි. එහෙත් ලිංගික ආශ්වාදය විවාහයෙන් අමතරව සොයන විට අපි “ගොනෙකු මරණයට යන්නාක්” (22 පදය) මෙන් යන්නෙමු. හානිකර උත්තේජයන් හඹා ගොස් අපට වඩා ශක්තිවන්ත අය විනාශ වූහ. ඒ හෙයින් අවධානය යොමු කරන්න. “වැරදි මාර්ගවලට හැරී නොයන්න” (24-25 පද). පාපය ආකර්ශණීය වේ. එයට ඇබ්බැහි වේ. නමුත් සෑම විට එය අවසන් වන්නේ මරණයෙනි (27 පදය). පාපයට ඇති පරීක්‍ෂාව දෙවියන්වහන්සේගේ ශක්තියෙන් මග හැරීමෙන් අපට උන්වහන්සේ තුළ සත්‍ය ප්‍රීතිය සහ ශක්තිය සොයා ගත හැකිය.