සෑම ග්‍රීෂ්ම උදෑසනකම මනහර නාට්‍යයක් අපගේ නිවස පසුපස ඇති උයනේ සිදුවේ. ඊට වතුර ඉසිනයක් සහ බල්ලෙක් අයත් වේ. උදෑසන 6.30 ට පමණ වතුර ඉසිනය ක්‍රියාත්මක වේ. ඉන් ටික වේලාවකට පසුව ෆිෆි නම්වූ විශාල බල්ලා (අපගේ පවුලේ අය ඇයට දී ඇති නාමය එයයි) පැමිණේ.

ෆිෆීගේ අයිතිකරු ඇයව දම්වැලෙන් නිදහස් කරයි. ඇය අසළ ඇති වතුර ඉසිනය වෙතට පිම්මේ දිව යයි. ඇයගේ මුහුණට වතුර ඉසෙන විට ඇය ඒ දෙසට පනී. ෆිෆීට වතුර ඉස්නය කන්න පුළුවන් නම් ඇය එය කා දමනු ඇත. එය දැඩි ආශාවක චිත්‍රයකි. ඇය ජලයෙන් පෙඟීමට ආශා කරයි. ඇයට එය ඇතිවන බවක් නොපෙනේ.

බයිබලයේ එවැනි බල්ලෙක් හෝ වතුර ඉසිනයක් නැත. නමුත් එක්තරා අන්දමකට එපීස 3 හි ඇති පාවුල්ගේ යාච්ඤාව මට ෆිෆීව සිහිපත් කරයි. එහිදී පාවුල් යාච්ඤා කරන්නේ එපීස ඇදහිලිවතුන් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණව “සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන, එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා” දැන ගැනිමට බලය ලබන පිණිසය. ඔහු තවදුරටත් යාච්ඤා කළේ අප “දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ” වන පිණිසය (18-19 පද).

වර්තමානයේදී පවා අපට තේරුම් ගත නොහැකි අසීමිත ප්‍රේමයෙන් පෙඟී පූර්ණ වී උන්වහන්සේගේ යහපත්කමින් අධික ලෙස තෘප්තිමත් වන පිණිස අපට ආරාධනා කෙරේ. අපගේ සිත් පිරවිය හැකි එකම තැනන්වහන්සේ සමග බහුල සම්බන්ධතාවයක ප්‍රීතිවී ආනන්දජනක අත්දැකීමක් ලබන පිණිස පිම්මක් පැනීමට අපට ආරාධනය කෙරේ. ඒ අර්ථයක් සහ අරමුණක් ඇති ජීවිතයක් ප්‍රේමයෙන් ගත කරන පිණිසය.