බෙගෝටා නගරයේ දුගී ප්‍රදේශයක කන්දක් මුදුණක අබිලි ද්‍රව්‍ය එකතු කරන මනුෂ්‍යයාගේ නිවස පිහිටා තිබේ. එම නිවසෙහි ඇති කිසි දෙයක විශේෂත්වයක් නැත. නමුත් කොලොම්බියාවේ අගනුවර ඇති කැපී නොපෙනෙන මෙම නිවාසයෙහි පොත් 25000 ක් ඇති නිදහස් පුස්තකාලයක් තිබේ. ඒවා විසිකර දමා තිබූ සාහිත්‍ය පොත්ය. ජොස් ඇල්බර්ටෝ ගුටාරෙෂ් තම අසල්වාසී දුගී දරුවන් වෙනුවෙන් ඒවා එකතුකර පිළිවෙලට තැබීය.

අවට දරුවෝ සති අන්තයේ පුස්තකාල වෙලාවට එම නිවසට පිරෙති. ඔවුහු කාමරයෙන් කාමරය පිරික්සා බලති. සෑම කාමරයක්ම පොත්වලින් පිරී තිබේ. දරුවෝ එම දුගී නිවස ගැන සිතන්නේ ජොස්ගේ නිවස ලෙස නොව අගය කළ නොහැකි වස්තුවක් ලෙසටය.

එම සත්‍යය සෑම කිතුණුවෙක් ගැනම එලෙසය. අපව සාදා ඇත්තේ නොවටිනා මැටි වලින්ය. එහි ඉරි තැලීම් තිබේ. ඉක්මණින් බිඳී යා හැකිය. නමුත් දෙවියවන්වහන්සේ තම ආත්මයාණන්ට නිවසක් පිණිස එයඅපට භාර කර තිබේ. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුවාල වී ඇති, කැඩුණ බිඳුණු ලෝකයකට ගෙන යාම පිණිස අපට හැකියාව දී තිබේ. සාමාන්‍ය බිඳී සිටින ජනතාවකට එය ශ්‍රේෂ්ඨ කර්තව්‍යයකි.

“ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව” (2 කොරින්ති 4:7). අපෝස්තලු පාවුල් පුරාණ කොරින්තියෙහි සිටි සෙනගට පැවසුවේ ඒ හෙයිනි. ඔවුහු එම පළාතේ සෙනග තුළ හරස්කඩකි. ඒහෙයින් තමන් ගැන දේශනා කිරීමට ඔවුන්ට පෙළඹවීමක් තිබෙන්න ඇත (5 පදය) කියා පාවුල් කීවේය.

පාවුල් ඔවුන්ට කීවේ එසේ නොකර අප තුළ ජීවත්වන මැණිය නොහැකි වටිනාකමකින් යුත් තැනැත්තාණන් ගැන අන් අයට පවසන ලෙසය. අපගේ සාමාන්‍ය ජීවිත මැණිය නොහැකි වස්තුවක් කරන්නේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ අසිමිත බලයයි.