අයර්ලන්ත කවියෙකු වූ ඔස්කාර් වයිල්ඩ් කීවේ “මා තරුණ කාලයේදී සිතුවේ මුදල් යනු සියලු දේ කියායි. දැන් මම මහලුව සිටින හෙයින් එය එසේ බව දනිමි” යනුවෙනි. නමුත් ඔහු එසේ කීවේ කටට ආ පළියටය. ඔහු ජීවත් වූයේ වයස අවුරුදු හතලිස් හයක් වන තුරු පමණී. එම නිසා ඔහු සත්‍ය වශයෙන්ම මහලු නැත. ඒ හෙයින් මුදල් ජීවිතය නොවන බව වයිල්ඩ් දැන ගත්තේය.

මුදල් තාවකාලිකය. එය එන්නේය. යන්නේය. ඒ හෙයින් ජීවිතය යනු මුදලට වඩාද එයට මිළදී ගතහැකි දේවලට වඩාද යමක් විය යුතු වේ. යේසුස්වහන්සේ තම පරම්පරාවේ සිටි ධනවත් සහ දුප්පත් අයට අභියෝග කළේ වටිනාකම මැනීමේ ක්‍රමය ගැන නැවත සිතා බැලීමටය. ලූක් 12:15 හි යේසුස්වහන්සේ කිවේ “සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත” කියාය. අපගේ සංස්කෘතියෙහි දැන් ඇති අවධානය “වඩාත්” සහ “අලුත්” සහ “හොඳයි” යන්නටය. අප මුදල් සහ වස්තුව දෙස බලන ආකාරය අනුව සෑහීම සහ දැක්ම ගැන යමක් කිව හැකිය.

ධනවත් තරුණ පාලකයෙකු වරක් යේසුස්වහන්සේව මුණගැසී දුකෙන් පිටත්ව ගියේය. ඊට හේතුව ඔහුට අත්හැරිය නොහැකි සෑහෙන ධනයක් තිබුණු නිසාය (ලූක් 18:18-25). නමුත් අයබදු අයකරන්නෙකු වු සාකෙවුස් ඔහුගේ ජීවිතයෙන් වැඩි කොටසක් වැය කර එකතු කර ගත් ධනයෙන් වැඩි හරියක් දුන්නේය (ලූක් 19:8). වෙනස වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ හදවත වැළඳ ගැනීමය. උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපට අයිති දේවල් ගැන යහපත් දැක්මක් අපට ඇති කර ගත හැකිය. එවිට ඒවා අපව අයිතිකර ගන්නා දේවල් නොවන්නේය.