1900 මුල් භාගයේ පකාඩ් මෝටර් සමාගම පාරිභෝගිකයන් ආකර්ෂණය කිරීමට අලුත් උද්ධෘත පාඨයක් නිර්මාණය කළේය. “මිළදී ගත් අයෙකුගෙන් අසන්න”. එය විශාල ආකර්ෂණයක් විය. ඒ කාලයේ ප්‍රසිද්ධම සුඛෝපභෝගී වාහන සාදන සමාගම ලෙස පත්වීමට එය එම සමාගමට උපකාරයක් විය. සමාගම තේරුම් ගත්තේ පුද්ගලික සාක්‍ෂිය අසන්නාට පෙළඹවීමක් කරන බවය. මිතුරෙකු නිෂ්පාදනය ගැන සෑහිමට පත්වීම බලවත් ස්ථිර කිරීමක් වේ.

දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන අපගේ පුද්ගලික අත්දැකීම් අන් අය සමග බෙදා ගැනීම විශාල බලපෑමක් කරන්නේය. දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ අපගේ කෘතඥතාවය සහ ප්‍රීතිය උන්වහන්සේට පමණක් නොව අන් අයටද ප්‍රකාශ කරන ලෙසය (ගීතාවලිය 66:1). ඔහු පාපයෙන් හැරුණු පසු දෙවියන්වහන්සේ දුන්නාවූ සමාව ගීතිකාකරු තම ගීතයෙන් ඉතා උනන්දුවෙන් බෙදා ගන්නේය (18-20 පද).

ඉතිහාසය පුරා දෙවියන්වහන්සේ විශ්මිත කාරණා කර තිබේ. රතු මුහුද බෙදීම (6 පදය) වැනි දෑය. උන්වහන්සේ අප එකිනෙකාගේ පුද්ගලික ජීවිතවල විශ්මිත දේවල් කරන සේක. වේදනාව මධ්‍යයෙහි අපට බලාපොරාත්තුව දෙන සේක. උන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට ශුද්ධාත්මයාණන් දෙන සේක. අපගේ එදිනෙදා අවශ්‍යතා සපයන සේක. අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් අප බෙදා ගන්නා විට අප විශේෂිතව මිළදී ගත් දෙයක් සහතික කිරීමට වඩා යමක් එයින් කරන්නේය. අප දෙවියන්වහන්සේගේ යහපත්කම පිළිගෙන අප ජීවිත ගමන පුරා එකිනෙකා දිරිමත් කරන්නෙමු.