රොන් සහ නැන්සිගේ විවාහය ඉක්මණින් පරිහානියට පත්වෙමින් තිබුණි. ඇයට තව සම්බන්ධයක් තිබුණි. ටික කාලයකට පසුව ඇය තම පාපය දෙවියන්වහන්සේට කීවාය. උන්වහන්සේ ඇයට කරන්න කියන්නේ කුමක්දැයි ඇය දැන සිටියාය. නමුත් එය අපහසු විය. ඇය රොන් සමග සත්‍යය බෙදා ගත්තාය. දික්කසාදයට නොයා රොන් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමටද වෙනස් වීමටද නැන්සිට අවස්ථාවක් දුන්නේය. ආශ්චර්යමත් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ගේ විවාහය යථා තත්ත්වයට පත් කළ සේක.

රොන්ගේ ප්‍රතිචාරය මගින් පෙන්වන්නේ ඔබත් මමත් වැනි පව්කාරයන්ට දෙවියන්වහන්සේ දක්වන ප්‍රේමයේ සහ සමාවේ චිත්‍රයකි. අනාගතවක්තෘ හොෂෙයා මෙය හොඳින් තේරුම් ගත්තේය. උන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල්වරුන්ගේ අවිශ්වාසවන්තකම පෙන්වීම පිණිස හොෂෙයාට අවිශ්වාසවන්ත ස්ත්‍රියක් සමග විවාහ වීමට දෙවියන්වහන්සේ අණ කළ සේක (හොෂෙයා 1). එයින් සිත කැඩෙන්නේ නැත්නම් හොෂෙයාගේ භාර්යයාව ඔහුව අත්හැර ගිය විට දෙවියන්වහන්සේ ඔහුට කීවේ නැවත එන්නැයි ඇයට කියන ලෙසය. ඇය තව මිනිසෙකුගේ ප්‍රේමවන්තියක්ව සිටියත් කාමමිථ්‍යාචාරික ස්ත්‍රියක වූවත් නුඹ නැවත නුඹේ භාර්යයාවට ප්‍රේමය පෙන්වන්න (3:1) කියා උන්වහන්සේ කී සේක. ඔවුන්ගේ සියලු අකීකරුකමට පසුවත් දෙවියන්වහන්සේ තම සෙනග සමග සමීප සම්බන්ධතාවයකට ආශා කළ සේක. හොෂෙයා තම අවිශ්වාසවන්ත භාර්යයාවට ප්‍රේම කර ඇය පසුපස ගොස් ඇය වෙනුවෙන් කැප කිරීමක් කළ ලෙසට දෙවියන්වහන්සේ තම සෙනගට ප්‍රේම කළ සේක. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කෝපයට සහ ඊර්ෂ්‍යයාවට පෙළඹවීම ලැබුණේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය නිසාය.

මේ දෙවියන්වහන්සේ අප උන්වහන්සේ අසල සිටිනවාට ආශා කරන සේක. අප ඇදහිල්ලෙන් උන්වහන්සේ වෙත එන විට උන්වහන්සේ තුළ අපට සම්පූර්ණ සෑහීම ලැබිය හැකි බව විශ්වාස කිරීමට අපට පුළුවන.