කුඩා දරුවෙකුව සිටියදී ඇය තම දෙමව්පියන්ට කුරිරු වචනවලින් බැන වැදී ඇත. එම වචන ඔවුන් සමග කථා කරන අවසාන වචන බව ඇය දැන සිටියේ නැත. නමුත් දැන් වසර ගණනාවක අනුශාසනා සිදු වුවද ඇයටම සමාව දී ගැනීමට ඇයට නොහැකි විය. දොස් තබා ගැනීම සහ පශ්චත්තාපය ඇයව අකර්මණ්‍ය කර ඇත.

අප බොහෝ දෙනෙක් අතීතයෙහි කළ වැරදි ගැන දුක් වන්නෙමු. සමහර ඒවා ඉතා දරුණුය. දොස් තබා ගැනීමේ මාර්ගයෙන් පිටතට ඒමට මාර්ගය බයිබලය අපට පෙන්වා දෙයි. එක් උදාහරණයක් දෙස බලමු.

දාවිත් කළ දෙයට සීනි තැවරීමක් කිරීමට අවශ්‍ය නැත. ඒ රජවරු යුද්ධයට යන කාලයයි. දාවිත් යෙරුසලමේ රැඳී සිටියේය (2 සාමුවෙල් 11:1). යුද්ධයට නොගිය ඔහු තව කෙනෙකුගේ භාර්යයාවක් සොරා ගත්තේය. එසේම එම පාපය මිනීමැරීමකින් වැසීමටද තැත් කළේය (2-5 සහ 14-15 පද). දෙවියන්වහන්සේ දාවිත් වළ පල්ලට යාම වැළැක්වූ සේක (12:1-13) නමුත් රජුට ඉතිරි ජීවිත කාලය පුරාම එම පාපය දැනගෙන ජීවත් වීමට සිදු විය.

දාවිත් අළු ගසා නැගිටින විට දාවිත් විසින් දිනා ගත යුතුව තිබු යුද්ධය ඔහුගේ හමුදාපති යෝවාබ් ජයග්‍රහණය කළේය (12:26). යෝවාබ් දාවිත්ට අභියෝග කළේය. “දැන් හමුදා රැස්කර නගරය වටලා එය අල්ලා ගන්න” (28 පදය). අවසානයේදී දාවිත් ඔහුගේ ජාතියේ සහ හමුදාවේ නායකයා ලෙසට දෙවියන්වහන්සේ විසින් ඔහුට දෙන ලද ස්ථානයට පැමිණියේය (29 පදය).

අපගේ අතීතයට අපව පොඩිකර දමන්න ඉඩ දුන් විට අප දෙවියන්වහන්සේට පවසන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය මදි බවය. අප කුමක් කර තිබුණද අපගේ පියාණෝ සම්පූර්ණ සමාදානය අපට දෙන සේක. දාවිත්ට මෙන් යුද්ධයට යාම සඳහ අනුග්‍රහය සෑහේ යයි අපටද සොයා ගත හැකිය.