වයස දහසයේදී බිලී ග්‍රැහැම් ඇදහිල්ලට පැමිණී විට තීරණාත්මකම මොහොතට බොහෝ කාලයකට පෙර ඔහුගේ දෙමව්පියන් තුළ යේසුස්වහන්සේට තිබූ භක්තිය හොඳින් පැහැදිළි විය. ඔවුන් දෙදෙනාම ඇදහිල්ලට පැමිණ තිබුණේ ඇදහිලිවන්ත පවුල්වල හැදෙන වැඩෙන විටය. ඔවුන්ගේ විවාහයට පසු බිලී ග්‍රැහැම්ගේ දෙමාපියෝ තම දරුවන් ප්‍රේමයෙන් පෝෂණය කරමින් එම උරුමය ඉදිරියට ගෙන ගියේය. ඊට යාච්ඤාවද දේව වචනය කියවීම සහ සභාවට සහභාගීවීමද ඇතුළත් විය. ග්‍රැහැම්ගේ දෙමාපියෝ බිලීට දැමූ අත්තිවාරම ඔහුට ඇදහිල්ල ඇති කිරීමටද පසුව නිර්භීත ඉවැන්ජලිස්ත වරයෙකු බවට ඔහුව පත් කිරීමටද ඉවහල් විය.

අපෝස්තලු පාවුල්ගේ තරුණ ගෝලයාවූ තිමෝති ශක්තිමත් ආත්මික අත්තිවාරමකින් ප්‍රයෝජන ලැබුවෙකි. “ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද” (2 තිමෝති 1:5) තිබූ බව පාවුල් ලිවීය. එම උරුමය තිමෝතිගේ හදවත ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලට සුදානම් කිරීමට උපකාරී විය.

දැන් පාවුල් මෙම ඇදහිල්ලේ අත්තිවාරම ඉදිරියට ගෙන යන්නැයි තිමෝතිට දිරි දුන්නේය (5 පදය). එසේම “බලය දෙන්නාවූ” ශුද්ධාත්මයාණන් දී තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව අවුලුවා ලීමටද (6-7 පද) ඔහුට දිරි ලැබුණි. ආත්මයාණන්ගේ බලය නිසා ශුභාරංචිය වෙනුවෙන් නිර්භීතව ජීවත්වීමට තිමෝතිට හැකි විය (8 පදය). ශක්තිමත් ආත්මික උරුමයක් ඇදහිල්ල අපට දෙනු ඇත කියා සහතික විය නොහැක. නමුත් ආදර්ශය සහ අන් අයට උපදෙස්දීමට මාර්ගය සුදානම් කිරීමට එය උපකාරී වේ. අප යේසුස්වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් පසු ආත්මයාණන් වහන්සේ අපව සේවයටද උන්වහන්සේ උදෙසා ජීවත් වීමටද අන් අයගේ ඇදහිල්ල පෝෂණය කිරීමටද උපකාර කරන සේක.