අපගේ නිවස පසුපස ඇති වතුර ඇල දකින විට එය ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණාධික කාලයෙහි ගල් අතරින් ගලා යන සිහින් දිය පාරක් පමණක් විය. එහා මෙහා යාමට ඝණකම් ලෑලිවලින් සාදන ලද පාලමක් ප්‍රමාණවත් වුනි. මාස කිහිපයකට පසු දින කිහිපයක් එක දිගට දැඩි වර්ෂාව අපගේ ප්‍රදේශයට පතිත වුනි. අපගේ මෘදු කුඩා ඇළ විශාල ගංගාවක් ලෙසට පරිවර්තනය විය. ගැඹුරිණ් අඩි 4 කුත් පළලින් අඩි 10 කුත් විය. ජලයේ රළ පහර පාලමේ ලෑලි ගළවා ටික දුරකට ගෙන ගොස් තිබුණි.

ගලා යන ජල පහරවලට එය යන මාර්ගයේ ඇති ඕනෑම දෙයක් යටකර දැමීමට හැකියාව ඇත්තේය. එහෙත් ජල ගැල්මකට හෝ වෙනත් කිසිම බාධාවකට යටකර දැමිය නොහැකි දෙයක් තිබේ – ඒ ප්‍රේමයයි. “බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය” (සාලමොන්ගේ ගීතිකාව 8:7). ප්‍රේමයේ අඛණ්ඩ ශක්තිය සහ තීව්රතාවය සැමවිට ප්‍රේම සම්බන්ධතාවල දක්නට ලැබේ. නමුත් එය සම්පූර්ණයෙන් ප්‍රදර්ශනය වන්නේ උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළින් දෙවියන්වහන්සේ සෙනගට දක්වන පූර්ණ ප්‍රේමය තුළිනි.

ශක්තිමත් සහ යැපිය හැකියැයි අප සිතන දේවල් ගසා ගෙන යන විට අපගේ බලාපොරොත්තු සිඳීයාම මගින් දෙවියවන්වහන්සේ අපට දී ඇති ප්‍රේමය ගැන දැන ගැනීමට දොරක් විවෘත විය හැකිය. මේ ලෝකයේ ඇති ඕනෑම දෙයකට වඩා උන්වහන්සේ අපට දක්වන ප්‍රේමය උසස්ය, ගැඹුරුය, ශක්තිමත්ය, පොළොවේ ඇති සෑම දෙයකටම වඩා කල් පවත්නේය. අපව ඔසවා ගෙන දිගටම අපට උපකාර කරමින් සහ අප ප්‍රේමය ලබන බව සිහිපත් කරවන හෙයින් අප කුමණ දෙයකට මුහුණ දුන්නද ඒ දෙයට අප මුහුණ දෙන්නේ උන්වහන්සේ අප අසළ සිටින හෙයිනි.