බෙන්ජමින් වෙස්ට් කුඩා කාලයේ ඔහු තම සහෝදරියගේ චිත්‍රයක් ඇඳීමට උත්සාහ කළේය. නමුත් ඔහුට ඇඳිය හැකිවූයේ ව්‍යාකූල රූපයක් පමණී. ඔහුගේ මව එම නිර්මාණය දුටුවාය. ඇය ඔහුගේ නළල සිප “ඒ සැලී නේ!” කියා පැවසුවාය. ඔහු පසු කාලයකදී පැවසුවේ එම සිප ගැනීම ඔහුව චිත්‍ර ශිල්පියෙකු කළ බවය. එසේම එය ඔහුව ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු කලා ශිල්පියා බවටද පත් කළේය. දිරිමත් කිරීම බලවත් දෙයක් වේ.

චිත්‍ර ඇඳීමට ඉගෙන ගන්නා දරුවෙකු ලෙස පාවුල්ගේ මුල් කාලයේදී ඔහුගේ සේවය ගැන අන් අය විශ්වාස කළේ නැත. බාර්ණබස් ඔහුගේ කැඳවීම ස්ථිර කළේය. බාර්ණබස්ගේ දිරිදීම නිසා සභාව සාවුල්ව හවුල් ඇදහිලි වන්තයෙකු ලෙස පිළිගත්හ (ක්‍රියා 9:27). බාර්ණබස් අන්තියෝකියේ බිළිඳු සභාවද දිරිමත් කළේය. එය ක්‍රියා පොතෙහි බලවත්ම සභාව බවට පසුව පත් විය (11:22-23). එසේම බාර්ණබස් සහ පාවුල්ගේ ධෛර්යය දීම තුළින් යෙරුසලමේ සභාව අන්‍ය ජාතික ඇදහිලිවතුන්ව කිතුණුවන් ලෙස පිළිගත්තාය (15:19). ඒ හෙයින් බොහෝ අතකින් මුල් සභාවේ කථාන්දරය දිරිමත් කිරීමේ කථාන්දරයක් වේ.

එය අප ජීවිතයටද අදාළ විය යුතුය. දිරිමත් කිරීම යනු කෙනෙකුට යමක් කිම පමණක් යැයි අප සිතිය හැකිය. අප එසේ සිතන්නේ නම් එහි ඇති නොනවතින බලය අප හඳුනා නොගන්නෙමු. අපගේ පුද්ගලික ජීවිතය සහ සභාවේ ජීවිතය හැඩ ගස්වන එක් ක්‍රමයක් එය වේ.

අපට දිරිගැන්වීම් ලැබෙන මොහොතවල් ගැන අපි දෙවියන්වහන්සේට ස්තුති කරමු. එය අන් අයට ලබා දීමට උත්සුක වෙමු.