2017 හාර්වේ සුළි කුණාටුවට පසු ඇතිවූ විනාශය නිසා ඉන් හානිවූ සෙනගට උපකාර කිරීමට අවස්ථාවක් අපට උදා විය. අපගේ කණ්ඩායමක් හූස්ටන් ප්‍රදේශය දක්වා ගමන් කළෙමු. අපගේ ඉලක්කය වූයේ කුණාටුවෙන් හානිවූ අයව දිරිමත් කිරීමය. ඒ ක්‍රියාවලියේදී අපගේ ඇදහිල්ල අභියෝගයට ලක්වී ශක්තිමත් වුයේ ඔවුන්ගේ විනාශ වූ සභා ගොඩනැගිලි සහ නිවාස තුළ සිටින විටය.

හාර්වේ කුණාටුවේ හානිය මධ්‍යයෙහි අප දුටු බොහෝ සෙනගගේ දීප්තිමත් ඇදහිල්ල අපට ප්‍රකාශ කළේ හත්වන සියවසේ සිටි හබක්කුක්ගේ අනාවැකියේ අවසානයේ ප්‍රකාශවූ අදහසය. අනාගතවක්තෘ අනාවැකි කීවේ ඉදිරියෙහි අසීරු කාල තිබුණද (1:5-2:1) කාරණා හොඳවීමට පෙර ඒවා දරුණු විය හැකි බවය. අනාවැකිය අවසානයේ භෞමික හානි ගැන අනාගතවක්තෘ කථා කරයි. “එනමුත්” වචනය තුන්වරක් සඳහන් වේ. “අත්තික්කා ගස දළු නොලෑවත් ඔලීව ගසේ ඵල හට නොගත්තත් …… ගාලෙන් එළු බැටළු රැළ සිඳ දමනු ලැබුවත්” (3:117).

අපට සිතා ගත නොහැකි අලාභ එනම් සෞඛ්‍යය සහ රැකියාව යනාදිය නැතිවූ විට, ප්‍රියයෙකු මිය ගිය විට, විනාශකාරී ස්වාභාවික ව්‍යසනයක් ඇති වූ විට ඔබ කුමණ ස්ථාවරයක සිටින්නේද? අසීරු කාලවලට හබක්කුක් සපයන කවිය අපට කියන්නේ ස්ථිර ඇදහිල්ලෙන් සහ විශ්වාසයෙන් සිටින්න කියාය. අදත් හෙටත් සදාකාලයටත් උන්වහන්සේ අපගේ ගැළවීමේ ශක්තිය සහ ස්ථිරකමේ මූලාශ්‍රය වන්නේය (18-19 පද). අවසානයෙහි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නෝ කිසිදා බලාපොරොත්තු කඩ කර නොගන්නෝය.