සභා ශාලාව සංගීතයෙන් පිරුණි. වර්ණ අන්ධ කලාකරු ලාන්ස් බ්‍රවුන් වේදිකාවට අවතීර්ණ විය. ඔහු විශාල සුදු කැන්වසයක් ඉදිරියෙහි වේදිකාවට පිටුපා සිටගත්තේය. බුරුසුව කළු තීන්තවල ගල්වා දක්‍ෂ ලෙස කුරුසියක් ඇන්දේය. බුරුසු පාර කිහිපයකින් සහ ඔහුගේ අත්වලින් දෘශ්‍යමාන කථාන්දර කියන්නා කුරුසපත් වීමේ සහ නැවත නැගිටීමේ ක්‍රිස්තුස්වහන්සේගේ රූප ඇන්දේය. කළු වර්ණයෙන් විශාල කොටස් ආවරණය කර විනාඩි හය කටත් අඩු කාලයකින් චිත්‍රය නිම කිරීමට නිල් සහ සුදු භාවිතා කළේය. ඉන්පසු ඔහු කැන්වසය උඩු යටිකුරු කර පෙන්වීය. එහි සැඟවී තිබුණු යේසුස්වහන්සේගේ අනුකම්පාවෙන් පිරුණ මුහුණ අපට ප්‍රදර්ශන විය.

බ්‍රවුන් කීවේ පළමුවරට මිතුරෙකු ඔහුට ක්‍ෂණික චිත්‍ර අඳින්න කියා කී විට ඔහු මැළි කළ බවය. එහෙත් දැන් ඔහු විදේශවල ගමන් කරමින් චිත්‍ර ඇඳ ක්‍රිස්තුස්වහන්සේ ගැන බෙදා ගනිමින් සෙනග නමස්කාරයට යොමු කරන්නේය.

අපෝස්තලු පාවුල් දෙවියන්වහන්සේ තම සෙනගට බෙදා දී ඇති විවිධ දීමනාවල වටිනාකම සහ අරමුණ ස්ථිර කරයි. දෙවියන්වහන්සේ පවුලේ සෑම කෙනෙකුම සන්නද්ධ කර ඇත්තේ ස්වාමින්වහන්සේ මහිමයට පත්කර අන් අය ප්‍රේමයෙන් ගොඩ නැගීමටය (රෝම 12:3-5). පාවුල් අපට ධෛර්යය දෙන්නේ අපගේ දිමනා හඳුනාගෙන අන් අය වර්ධනය කිරීමට සහ ඔවුන් යේසුස්වහන්සේ වෙත යොමු කිරීමට ඒවා ප්‍රීතියෙන් සහ උනන්දුවෙන් භාවිතා කරන ලෙසය (6-8 පද).

දෙවියන්වහන්සේ අප සෑම කෙනාටම ආත්මික දීමනා තලෙන්ත නිපුණත්වයන් සහ අත්දැකීම් දී තිබේ. ඒ තිරය පසුපස සහ ඉදිරිපිට භාවිතා කරන පිණිසත් අප උන්වහන්සේගේ නිර්මාණශීලිත්වය මුළු සිතින් සමරන විට උන්වහන්සේ අපගේ ආවේනිකත්වය ශුභාරංචිය පැතිරවීමට සහ ප්‍රේමයෙන් ඇදහිලවතුන් වර්ධනය කිරීමටත් භාවිතා කරන සේක.