මගේ පුතා ජෙෆ් මෑතකදී යාචකයෙකු මෙන් පාරේ සිටියේය. ඔහු තම නගරයේ රාත්‍රී තුනක් එසේ ගත කළේය. හිම මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්ව වල ඔහු පාරේ නිදා ගත්තේය. ආහාර, මුදල් හෝ වහලක් නැතිව ඔහු අනුන්ගේ කරුණාවන්තකමින් යැපුණි. එක් දිනක් ඔහුට ලැබුණේ එක සැන්විචයක් පමණි. එයත් ඔහු ආපන ශාලාවකින් පරණ පාන් ඉන්ලනවා ඇසුණු මිනිසෙකු එය රැගෙන දුන් හෙයිනි.

ජෙෆ් මට කීවේ එය ඔහු කළ ඉතා අසිරුම දෙයක් කියාය. නමුත් ඔහු අන් අය දෙස බලන විධිය ඉන් පැහැදිළිව වෙනස් විය. ඔහුගේ වෙස් වළා ගැනීම අවසන් වූ දිනයට පසුදින ඔහු තමාට කරුණාව දැක්වූ අස්ථානගත පුද්ගලයන් සොයා ගෙන ගියේ ඔහුට හැකි ලෙස ඔවුන්ට උපකාර කරන පිණිසය. ඔහු ඇත්තෙන්ම යාචකයෙකු නොවන බව දැක ඔව්හු පුදුම වූහ. එහෙත් ඔවුන්ගේ ඇසින් ඔහු ජීවිතය දැකිමට උත්සාහ කිරීම ගැන ඔව්හු සතුටු වූහ.

මාගේ පුත්‍රයාගේ අත්දැකීම යේසුස්වහන්සේගේ වචන සිහියට ගෙන එන්නේය. “වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුය…. මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය” (මතෙව් 25:36-40). අපි දිරිමත් කිරීමේ වචනයක් හෝ බඩු මල්ලක් හෝ දුන්නේ නම් දෙවියන්වහන්සේ අපට පවසන්නේ අන් අයගේ අවශ්‍යතා දෙස ප්‍රේමයෙන් බලන ලෙසය. අප අන් අයට දක්වන කරුණාව උන්වහන්සේට දක්වන කරුණාව වේ.