බොහෝ රටවල තනිව සිටින පුද්ගලයන්ට පවුලක් සොයා දීමේ කර්මාන්තයක් දැන් වර්ධනය වී ගෙන යන්නේය. සමාජ උත්සවයක් පවත්වා ඔවුන් ප්‍රීතිමත් පවුලක සිටින බව හැඟවීමට සළස්වන්නේය. සමහරු දුර සිටින නෑයින් මෙන් රඟපෑමට නළුවන්ද ගෙන එති. තනිවූ අය ආශා කරන පවුල් සම්බන්ධතාවයක් ඔවුන්ට කෙටි කාලයකට ලැබෙන බව ඔවුන්ට හැඟී යන්නේය.

මේ ප්‍රවණතාවය මූලික සත්‍යයක් එළිදරව් කරයි. මනුෂ්‍යයින් මවා ඇත්තේ සම්බන්ධතාවයෙන් සිටින පිණිසය. උත්පත්ති පොතෙහි ඇති මැවීමේ කථාවේ දෙවියන්වහන්සේ මැවූ සියල්ල දෙස බලා ඒවා ඉතා යහපත් යයි දෙවියන්වහන්සේ පැවසූ සේක (1:31). එහෙත් ආදම් දෙස බලා උන්වහන්සේ පවසන්නේ “ මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත” (2:18) කියාය. මනුෂ්‍යයාට තව මනුෂ්‍යයෙකු අවශ්‍ය විය.

බයිබලය පවසන්නේ සම්බන්ධතාවය අපට අවශ්‍ය බව පමණක් නොවේ. සම්බන්ධතාවයන් සොයා ගන්නේ කොහෙන්ද කියාද එය අපට පැහැදිළි කරයි. ඒ යේසුස්වහන්සේගේ අනුගාමිකයන් තුළය. යේසුස්වහන්සේ උන්වහන්සේගේ මරණයට පෙර තම මිත්‍ර යොහන්ට පැවසුවේ උන්වහන්සේගේ මව ඔහුගේ මව ලෙසට සළකන්න කියාය. යේසුස්වහන්සේ මිය ගිය පසු ඔවුන් එකිනෙකාට පවුලක් වනු ඇත (යොහන් 19:26-27). පාවුල් ඇදහිලිවතුන්ට අනුශාසනා කළේ අන් අයට දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ලෙස සැළකිමටය (1 තිමෝති 5:1-2). ගීතිකාකරු අපට පවසන්නේ ලෝකයේ දෙවියන්වහන්සේගේ මිදීමේ කාර්යයේ එක් කොටසක් වනුයේ තනිවූවන් පවුල් තුළ තැබීම කියාය (ගීතාවලිය 68:6). දෙවියන්වහන්සේ මෙය සිදුවීමට හොඳම ස්ථානය ලෙස සභාව සැළසුම් කළ සේක.

සම්බන්ධතාවයට අපව මවා අපගේ පවුල වීමට උන්වහන්සේගේ සෙනග දුන් දෙවියන්වහන්සේට ස්තුති වේවා!