“සමහර විට අපි කලබලයෙන් දිනක වැඩ එක් පැයකින් අවසන් කරන්නෙමු” යනුවෙන් සැක් එස්වින් ඔහුගේ  “අසම්පූර්ණ දේවගැති” යන පොතෙහි ලියයි. ඔහු විශේෂිතව සභාපාලකයන් නිතර දරණ බර ගැන පැවසුවද අප සියල්ලන්ටද මෙය පොදුවේ. බරවූ හැඟීම් සහ වගකීම් අපට ශාරිරිකව, මානසිකව සහ ආත්මිකව වැහැරීමට සළස්වයි. එවිට අපට කරන්න සිතෙන්නේ නිදා ගැනීම පමණී.

1 රාජාවලිය 19 හි අනාගතවක්තෘ එලියා සෑම අතින්ම වැහැරී ගිය එවැනි අවස්ථාවකට පැමිණියේය. ඔහු බාල් අනාගතවක්තෘන් මැරීමට සැළැස්වී යැයි සොයා ගත් පසු (18:16-40 බලන්න) යෙසෙබෙල් රැජින ඔහු මැරීමට තර්ජනය කර තිබූ බව අපි කියවමු (1-2 පද). එලියා කෙතරම් භියවීද කිවහොත් ඔහු පැනගොස් තමා මැරෙන පිණිස යාච්ඤා කළේය (19:3-4).

ඔහු කලකිරී වැතිර සිටියේය. දේවදුතයෙකු ඔහුට දෙවරක්ම අතගසා “නැගිට කන්න” යැයි කීවේය (5-7 පද). දෙවෙනි වරට පසු ඔහු දෙවියන්වහන්සේ දුන් ආහාරයෙන් ශක්තිමත්වී ගුහාවකට එන තෙක් “දහවල් හතලිහක් සහ රාත්‍රි හතලිහක්” ගමන් කළේය (8-9 පද). එතැනදී ස්වාමින්වහන්සේ ඔහුට දර්ශණය වී නැවත එම අණ අලුත් කළ සේක (9-18 පද). ඔහුට ජ්වලිත කමක් ලැබුණි. දෙවියන්වහන්සේ ඔහුට දුන් වැඩය අඛණ්ඩව කර ගෙන යාමට හැකියාව ලැබුණි.

සමහර විට අපටද ස්වාමින්වහන්සේ තුළ දිරිය අවශ්‍ය වේ. ඒ තවත් අදහිලිවන්තයෙකු සමග කථා කිරීමක් විය හැකිය. නමස්කාරයේ ගීයක් හෝ යාච්ඤාවට සහ දේව වචනයට කාලයක් දීම විය හැකිය.

ඔබත් කලකිරී සිටින්නේද? ඔබගේ බර අද දිනයේ දෙවියන්වහන්සේට දෙන්න. නැවුම් වන්න. උන්වහන්සේ ඔබගේ බර ඔසවා ගන්නා සේක.