මෑතකදී මම අසීරු ගැටළුවකට විසඳුමක් සොයා ගත්තෙමි. එක් මුණුපුරෙකු ගැස් ලිපෙහි වීඳුරුව මත තබා තම සෙල්ලම් හාවා රත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ පිච්චුන කැත බූල් ගුලි වීදුරුව මත ඇලීමය. විශේෂඥයෙකු විශිෂ්ඨ විසඳුමක් මට දුන්නේය. වීදුරුව නැවත අළුත් එකක් මෙන් කිරීමට ඔහු උපදෙසක් දුන්නේය. එය වැඩ කළේය. දැන් අපි සෙල්ලම් බඩු ලිප ළඟට ගෙන යාම වළක්වන්නෙමු.

මා විශිෂ්ඨ විසඳුම් ගැන කථා කළේ සමහර විට දේව වචනය විශ්ෂ්ඨ විසඳුම් ගොන්නක් යැයි අප සළකන නිසාය. එනම් ජීවිතය පහසු කිරීමේ උපදෙස් ලෙසය. ක්‍රිස්තුස්වහන්සේට ගරු කරන අළුත් ජීවිතයක් ගත කරන ආකාරය බයිබලය ප්‍රකාශ කරන බව සත්‍යයක් වුවද දෙව් වදන් අපට ලබා දෙන්නේ මනුෂ්‍යයාගේ ශ්‍රේෂ්ඨතම අවශ්‍යතාවය සපුරන ක්‍රමයකි. එනම් පාපයෙන් සහ දෙවියන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමෙන් මිදීමය.

උත්පත්ති 3:15 හි ගැළවීමේ පොරොන්දුවේ සිට අළුත් පොළොවක් සහ අලුත් ස්වර්ගයක් දක්වා (එළිදරව් 21:1-2) බයිබලය විස්තර කරන්නේ අපව පාපයෙන් ගැලවීම පිණිස දෙවියන්වහන්සේ සදාකාල සැළසුමක් තබා ඇති බවත් උන්වහන්සේ සමග සහභාගීත්වය ලැබීමට අපට ඉඩ ලැබී ඇති බවත්ය. සෑම කථාවකම ජිවත්වීමට ඇති සෑම උක්සාහයකම බයිබලය අපට යේසුස්වහන්සේව පෙන්වයි. අපගේ විශාලතම ගැටළුව විසඳිය හැක්කේ උන්වහන්සේටය.

අපි දෙවියන්වහන්සේගේ පොත විවෘත කළ විට අපි යේසුස්වහන්සේ සහ උන්වහන්සේ දෙන ගැළවීමත් සොයන බව මතක් කර ගනිමු. එසේම උන්වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වන ආකාරය අපි සොයමු. උන්වහන්සේ අපට විශාලතම විසඳුම දුන් සේක.