කෝකියා, උත්සව සංවිධායක, පෝෂණ විශේෂඥ, සාත්තු සේවිකාව. මේ නූතන මව්වරුන් ක්‍රියාත්මක කරන වගකීම් වලින් සමහරකි. 2016 දී පර්යේෂණ තක්සේරු කළේ මව්වරුන් දරුවන් සම්බන්ධ වැඩ කටයුතුවල සතියකට පැය 59 සිට 96 දක්වා නියැලෙන බවය.

මව්වරුන් සෑම විටම වෙහෙසවී සිටීම පුදුමයක් නොවේ. මවෙකු වෙනවා කියන්නේ බොහෝ කාලය සහ ශක්තිය දරුවන් වෙනුවෙන් දීමය. ඒ ලෝකය ජය ගැනීමට දරුවන්ට බොහෝ උපකාර අවශ්‍ය නිසාය.

මාගේ දවස් වෙහෙසකාරී වූ විට අන් අයට සැළකීම වටිනා ක්‍රියාවකැයි මතක් කර ගැනීමට අවශ්‍ය වේ. එවිට සේවය කරන අයව යේසුස්වහන්ස් අනුමත කරනවා දැකීම මට විශාල බලාපොරොත්තුවක් දෙන්නේය.

මාර්ක් ශුභාරංචියෙහි ඔවුන් අතර ශ්‍රේෂ්ටතමයා සෙවීමට ගෝලයේ වාදයක් කළෝය. යේසුස්වහන්සේ ඔවුන් අතර නිසලව වාඩිවී ප්‍රකාශ කළේ “මෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවා” (9:35) කියාය. ඉන්පසු උන්වහන්සේ දරුවෙකු දෑතට ගෙන අන් අයට සේවය කිරීමේ වටිනාකම පෙන්වීය. විශේෂයෙන්ම ඔවුන් අතර ඉන්නා ඉතාම අසරණයින්ටය (36-37 පද).

ක්‍රිස්තුස්වහන්සේ දැක්වූ ප්‍රතිචාරයෙහි උන්වහන්සේගේ රාජ්‍යයෙහි ශ්‍රේෂ්ඨත්වය මනින විධිය පෙන්නුම් කරයි. උන්වහන්සේගේ ප්‍රමිතිය අන් අයට සේවය කිරීමට කැමති හදවතකි. සේවය කිරීමට කැමති අය මත දෙවියන්වහන්සේගේ බලගන්වන අභිමුඛය තිබෙන බවට යේසුස්වහන්සේ පොරොන්දු වූ සේක (37 පදය).

ඔබගේ සමූහනයේ හෝ පවුලේ සේවය කිරීමට ඔබට අවස්ථාවක් ඇතිවූ විට අන් අයට ඔබ දෙන වේලාව සහ උත්සාහයට යේසුස්වහන්සේ ශ්‍රේෂ්ඨ වටිනාකමක් දෙන බව දැන ගන්න.