ඔබ නිස්කලංක වන්න” ඩිස්නිගේ ගැළවුම්කරුවෝ යට යන චිත්‍රපටියේ වෛද්‍යවරයා සැහැල්ලුවෙන් කියයි. ඒ විල්බර් නැමැති තුවාල වූ මුහුදු ලිහිණියාට ප්‍රතිකාර කරමිනි. විල්බර් අකීකරු රෝගියෙකි. “නිස්කලංක? මම නිස්කලංක තමයි” විල්බර් උත්තර දෙයි. ඌ නිස්කලංක නැති බව හොඳින් පෙනේ. උගේ තැති ගැන්ම වැඩිවන විට “මම තවත් නිස්කලංක උනොත් මම මැරෙයි” යයි ඌ අපහාසයෙන් මෙන් උත්තර දෙයි.

වෛද්‍යවරයාගේ අමතු ක්‍රම (චර්ම ස්නායු කැපීමට බන්ඩි කියතක් යොදා ඇත) මධ්‍යයෙහි ඔබට ඔබගේ හැඟීම් ගැන යමක් සිතෙනවාද? විල්බර්ගේ කෝපය සාධාරණ බව පෙනේ. එම දර්ශනය හාස්‍යජනකය. ඊට හේතුව මරණීය තර්ජනයක් වූවත් නැතත් අප බියවන විට අපගේ හැඟීම් ඉන් ප්‍රදර්ශනය වීමය.

අප තැතිගත් විට නිස්කලංක වීමට කීම මහ මෝඩ දෙයක් මෙන් පෙනේ. ජීවිත තර්ජන සහ වේදනාකාරී මරණයේ රැහැන් (ගීතාවලිය 116:3) මා සිර කිරීමට එන විට මාගේ ආමාශයේ පෙරළීමක් මට දැනේ. එවිට ක්‍ෂණික ප්‍රතිචාරය සටන් කිරීමය. නිස්කලංක වීම නොවේ.

එහෙත් බොහෝ විට ප්‍රතිචාර දැක්වීමේ උත්සාහය අපගේ කණස්සල්ල තවත් තීව්ර කරන්නේය. මම බියෙන් අකර්මණ්‍ය වන්නෙමි. නමුත් මා කෙමෙන් මාගේ වේදනාව දැනීමට සළස්වා එය දෙවියන්වහන්සේට භාර දෙන විට (4 පදය) පුදුම දෙයක් සිදුවීම ආරම්භ වේ. මාගේ ආමාශය නිස්කලංක වේ (7 පදය). මට තේරුම් ගැනීමට නොහැකි සමාදානයක් මා තුළට ගලාගෙන එයි.

ආත්මයාණන්ගේ සහනදායී අභිමුඛය මා වට කරන්ගන්නා විට ශුභාරංචියෙහි හරයෙහි ඇති සත්‍යය ටිකක් වැඩියෙන් මා ඉගෙන ගනිමි. අපට වඩා හොඳින් සටන් කළ හැක්කේ අප දෙවියන්වහන්සේගේ හස්තයට භාරවන විටය (1 පේත්‍රෑස් 5:6-7).