මට දැනෙන්නේ මම වයසට යන විට තවත් ප්‍රඥාවන්ත වෙනවා කියලා. සමහර විට මම මගේ පුතාට කථා කරන විට ඔබගේ වචන මාගේ කටින් පිට වෙනවා”.

මගේ දියණියගේ එම කීම මට සිනහවක් ගෙනාවේය. මාගේ දෙමාපියන් ගැන මට එසේ සිතී ඇත. මා දරුවන් හදා වඩා ගන්නා කාලයෙහි බොහෝ විට ඔවුන්ගේ වචන සමහර විට ඉබේම පිට විය. මම පියෙකු වූ පසු මා මාගේ දෙමව්පියන්ගේ ප්‍රඥාව ගැන සිතා සිටි ආකාරය වෙනස් විය. කාලයක් මෝඩ දේවල් හැටියට ඉවත දැමු කාරණා මා සිතුවාට වඩා ප්‍රඥාවන්ත බව මට දැණුනි. එය එකල එසේ නොපෙණුනි.

බයිබලය පවසන්නේ දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයාගේ උපරිම ප්‍රඥාවට වඩා හොඳ බවය (1 කොරින්ති 1:25). “මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක” 21 පදය).

දෙවියන්වහන්සේ තුළ සැම විට අප මවිත කරවන කාරණා ඇත්තේය. ලෝකය බලාපොරොත්තුවන ජයග්‍රාහී රජු වෙනුවට දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ දුක් විඳින සේවකයා ලෙස පැමිණ කුරුසියේ පහත් මරණයක් ලැබුවේ උන්වහන්සේ විශ්මිත මහිමයකින් නැවත උත්ථානවීමට පෙරය.

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තුළ යටහත්කම උඩඟුකමට ඉහළින් අගය කෙරේ. අපට නුසුදුසු දයාව සහ කරුණා වන්තකම තුළින් ප්‍රේමය තම වටිනාකම පෙන්වන්නේය. කුරුසිය තුළින් පැරදවිය නොහැකි මෙසියස්වහන්සේ පරම චූදිතයා වූයේ උන්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසය තබන අය පූර්ණව ගළවන පිණිසය (හෙබ්‍රෙව් 7:25).