යේසුස්වහන්සේ තුළ බලවත් ඇදහිලිවතුන් වූ තම දෙමාපියන්ගේ ආභාෂය ලැබ මළල ක්‍රීඩා තරුවක්වූ ජෙසේ ඕවන්ස් ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් ලෙස දිරිමත්ව ජීවත් විය. ඔහු 1936 බර්ලින් ඔලිම්පික් උත්සවය අතරතුර එක්සත් ජනපද කණ්ඩායමේ සිටි අප්‍රිකානු ඇමෙරිකානුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් විය. ඔහු රන් පදක්කම් හතරක් දිනා ගත්තේ වෛරයෙන් පිරි නාසිවරුන් සහ ඔවුන්ගේ නායක හිට්ලර් ඉදිරියෙහිදීය. එසේම ලුස් ලෝංද් නැමැති ජර්මානුවා ඔහුගේ මිතුරෙක් බවට පත්වීය. ලුස් ලෝංග්ද නාසි ප්‍රචාරයන්ට අසුවී සිටි අයෙකි. ඕවන්ගේ සුළු ක්‍රියාව වන ඇදහිල්ලෙන් ජීවත් වීම ලෝංගේ ජීවිතයට බලපෑමක් ඇති කළේය. පසුව ඔහු ඕවන්ස්ට ලීවේ
“බර්ලීනයේදී මම ඔබට කථා කළ පළමු පැයේදී ඔබ දණ ගසා ගෙන සිටින විට ඔබ යාච්ඤා කරන බව මම දැන ගතිමි….. මම දෙවියන්වහන්සේ ගැන දැන ගත යුතු යයි මම සිතනවා” යනුවෙනි.

“නපුරට වෛර කර” “එකිනෙකාට ප්‍රේමයෙන් කැපවෙමු” (රෝම 12:9-10) යන අපෝස්තලු පාවුල් ඇදහිලිවතුන්ට දුන් ආඥාව ඕවන්ස් ප්‍රදර්ශනය කළේය. ඔහු අවට තිබූ නපුරට, වෛරයෙන් පිළිතුරු දීමට ඔහුට හැකියාාව තිබුණි. ඕවන්ස් ඇදහිල්ලෙන් ජීවත්වීමටද පසුව ඔහුගේ මිතුරෙකු බවට පත්වී දෙවියන්වහන්සේ ගැන සිතා බැලූ මිනිසෙකුට ප්‍රේමය දැක්වීමටද තීරණය කළේය.

දෙවියන්වහන්සේගේ සෙනග යාච්ඤාවට විශ්වාසවන්තව (12 පදය) සිටින විට දෙවියන්වහන්සේ “එකිනෙකා සමග” සමගියෙන් සිටීමට අප බලගන්වන සේක (16 පදය).

අප යාච්ඤාවෙන් යැපෙන විට අපගේ ඇදහිල්ල ජීවත්වීමටද උන්වහ්නසේගේ ස්වරූපයෙන් මැවූ සියල්ලන්ට ප්‍රේම කිරීමටද අපට කැපවිය හැකිය. අප දෙවියන්වහන්සේට මොර ගසන විට බාධා බිඳ දැමීමට උන්වහන්සේ උපකාර වන සේක. එසේම අපගේ අසල්වාසීන් සමග සාමයෙන් සිටීමට උපකාර වන සේක.