ලෝක පූජිත පියානෝ වාදකයෙකු හමුවීමට මට ආරාධනාවක් ලැබුණි. මම හැදී වැඩුණේ සංගීතය වටකර ගත් පරිසරයකය. පියානෝව සහ වයලීනය වාදනය, සභාවේ සහ වෙනත් ස්ථානවල ගායනා කිරීම වැනි දේ සමග හැදී වැඩුණු නිසා මම මෙම අවස්ථාව ගැන උද්දාමයට පත්වීමි.

මා පියානෝ වාදකයා හමුවීමට පැමිණි විට ඔහුගේ ඉංග්‍රිසි දැනුම අල්ප බව දැන ගතිමි. මා මවිත කරමින් ඔහු මා හට සෙලෝ නැමැති විණාවක් වාදනය කිරීම සඳහා දුන්නේය. මා එවැනි භාණ්ඩයක් අතින් අල්ලාවත් නොතිබුණි. ඔහු මට එය වාදනය කරන්න කියමින් ඔහු ඒ සඳහා මට සහාය වන බව පැවසීය. මම කිරිස් බිරිස් ශබ්දයෙන් වයලීන ශබ්ද කිහිපයක් වාදනය කළෙමි. අවසානයේ මට එය නුපුළුවන් බව පිළිගෙන ඉවත්වී ආවෙමි.

මම අවදිවී එම දර්ශනය සිහිනයක් බව දැන ගත්තෙමි. නමුත් මාගේ සිහිනයෙහි තිබූ සංගීත පසුබිම සත්‍යයක් බැවින් මාගේ මනසට පැමිණි වචන නම් “ඔබට ගායනා කරන්න පුළුවන් කියා කිව්වේ නැත්තේ ඇයි?” කියාය.

අන් අය වෙනුවෙන් අපගේ ස්වභාවික තලෙන්ත සහ ආත්මික දීමනා වර්ධනය කර ගැනීම පිණිස දෙවියන්වහන්සේ අප කැඳවන සේක (1 කොරින්ති 12:7). යාච්ඤාවෙන් බයිබලය කියවීමෙන් සහ අන් අයගේ ණැනවත් උපදේශනයෙන් අපටම අයිති ආත්මික දීමනා වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අපට හැකිවේ. අපෝස්තලු පාවුල් අපට මතක් කරන්නේ අපගේ ආත්මික දීමනා කුමක් වූවත් ඒවා සොයා ගෙන භාවිතා කිරීමට අපි කාලය ගත යුතු බවය. ඒ ආත්මයාණන් තීරණය කරන ලෙස උන්වහන්සේ ඒවා ඔබට බෙදා දෙන නිසාය (11 පදය).

අපට ශුද්ධාත්මයාණන් දී ඇති කට හඬවල් දෙවියන්වහන්සේ මහිමයට පත්කර යේසුස්වහන්සේ තුළ අනිකුත් ඇදහිළිවතුන්ට සේවය කිරීමට භාවිතා කරමු.