1989 නොවැම්බර් 9 වන දින ලෝකය විශ්මයට පත්වූයේ බර්ලින් තාප්පයේ බිඳ වැටීමේ ප්‍රවෘත්තිය නිසාය. වසර විසි අටක් වෙන්ව තිබු රටක් නැවත එක් විය. ප්‍රීතියේ ප්‍රධාන ස්ථානය ජර්මනිය වුවද බලා සිටි ලෝකයද එම ප්‍රීතිය භුක්ති වින්දේය. මහත් දෙයක් සිදුවී තිබුණි.

ක්‍රි.පූ. 538 දී ඉශ්‍රායෙලය තම මව් බිමට නැවත පැමිණියේ වසර 70 කට පසුවය. එය ඉතා ශ්‍රේෂ්ඨ දෙයක් විය. ගීතාවලිය 126 ආරම්භ වන්නේ ඉශ්‍රායෙල් ඉතිහාසයේ එම කාල පරච්ඡේදය දෙස නැවත බැලීමකිනි. එම අත්දැකීම සිනහවෙන්, ප්‍රීතිමත් ගායනයෙන් සහ දෙවියන්වහන්සේ තම ජාතියට කල බලවත් දේවල් නිසා ලත් ජාත්‍යන්තර පිළිගැනීමෙන් පිරී තිබුණි (2 පදය). උන්වහන්සේගේ මිදීම ලද අයගේ ප්‍රතිචාරය කුමක්වීද? දෙවියන්වහන්සේගෙන් පැමිණි ශ්‍රේෂ්ඨ කාරණා මහත් සතුටක් ගෙන ආවේය (3 පදය). උන්වහන්සේගේ අතීත ක්‍රියා වර්තමානයේ නැවුම් යාච්ඤාවන්ට පදනමක්ද අනාගතයට දීප්තිමත් බලාපොරොත්තුවක්ද ගෙන දුන්නේය (4-6 පද).

ඔබත් මමත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ උදාහරණ දැකීමට වැඩිදුර බැලීමට අවශ්‍ය නැත. විශේෂයෙන් ඒ අප දෙවියන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් උන්වහන්සේ දෙස බලන්නේ නම් පමණී. 19 වන සියවසේ ගීත රචනා කළ ෆැනී ක්‍රොස්බි මෙම අනර්ඝ හැඟීම උද්දීපනය කළේ “දෙවියන්වහන්සේ මහත් දේවල් උගන්වා තිබේ. ශ්‍රේෂ්ඨ දේවල් උන්වහන්සේ කර ඇත. යේසුස්වහන්සේ නැමති පුත්‍රයාණන් තුළින් අපගේ සතුට ශ්‍රේෂ්ඨය” කියමින්ය. එසේය, දෙවියන්වහන්සේ මහත් දේවල් කළ සේක. උන්වහන්සේට මහිමය ව්වා!