පංතියේ මිතුරෙකු අපට බැල්ලක් තෑගි කළේය. ඇය පැටවුන් දැමීමට නොහැකි ලෙසට වයස්ගතව සිටියාය. මෙම අලංකාර බැල්ල බොහෝ කාලයක් කූඩුවක් තුළම සිට ඇති බව අපි පසුව දැන ගත්තෙමු. ඇයට ගමන් කළ හැකි වුයේ සීමාසහිත වටයන් පමණී. ඇයට සෘජුව දිවීමට නොහැකි වුනි. දැන් ඇයට විශාල ඉඩමක් තිබුණද ඇය සිතුවේ තමන් කොටුවී ඇති බවය.

ප්‍රථම කිතුණුවන්ගෙන් බොහෝමයක් යුදෙව්වන් විය. ඔවුන් මොසැයික් නීතියෙන් කොටු වී සිටියහ. ව්‍යවස්ථාව හොඳ විය. දෙවියන්වහන්සේ එය දී තිබුණේ ඔවුන්ගේ පාප ගැන දැන ගෙන යේසුස්වහන්සේ වෙතට ළංවීමටය (ගලාති 3:19-25). දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සහ ක්‍රිස්තුස්වහන්සේගේ නිදහස මත පදනම් වී දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ලේ අලුත් ජීවිතය ජීවත්වීමට කාලය දැන් පැමිණ තිබේ. ඔව්හු පැකිලුණි. මෙම දීර්ඝ කාලයට පසු ඔවුන් ඇත්තෙන්ම නිදහස්ද?

අපටද එම ගැටළුව තිබිය හැකිය. සමහර විට අප සෑදුණේ දැඩි නීති ඇති සභාවල විය හැකිය. එසේ නැත්නම් කිසිදු සීමාවන් නැති පවුල්වල විය හැකිය. ඒහෙයින් දැන් අප නීති සොයමින් යනවා විය හැකිය. කෙසේ වෙතත් ක්‍රිස්තුස්වහන්සේ තුළ නිදහස වැළඳ ගැනීමේ කාලය එළඹ ඇත (ගලාති 5:1). යේසුස්වහන්සේ අපව නිදහස් කර අත්තේ ප්‍රේමයෙන් උන්වහන්සේට කීකරු වීමටය (යොහන් 14:21). එසේම “එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමටය” (ගලාති 5:13). ප්‍රිතියේ සහ ප්‍රේමයේ විශාල පිට්ටනියක් අපට ඇත්තේය. ඒ “පුත්‍රයා නිදහස් කරන්නේ නම් ඔබ ඇත්තෙන්ම නිදහස්ය” යන්න දන්නා අයටය (යොහන් 8:36).