මා ලිස්සා යාමේ ක්‍රීඩාව පුහුණුවන කාලයේ බැරැරුම් බව නොපෙණුන පල්ලමක මාගේ පුතාට පිටුපසින් රූටා ගියෙමි. ඔහු දෙසම මම බලා සිටි හෙයින් එම කන්දෙහි තිබෙන දරුණුම පල්ලම එය බව නොදුටුවෙමි. මා ඉක්මණින් රූටා යනවා මට දැණුනි. පාලනය ගිලිහී ගියේය. මම හැප්පී වැටුණෙමි.

ගීතාවලිය 141 පෙන්වන්නේ පාපය නැමැති පල්ලමේ අපි පහසුවෙන් හසුවන ක්‍රමයයි. එම පල්ලම් වලදී අවදිව සිටීමට එක් ක්‍රමයක් නම් යාච්ඤාව වේ. “කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොකළ මැනව” (4 පදය). එම ආයාචනය තුළින් ස්වාමින්ගේ යාච්ඤාව දෝංකාර දෙයි. “(මා) පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන්  (මාව) ගැළවුව මැනව” (මතෙව් 6:13). යහපත්කමේ දෙවියන්වහන්සේ මේ යාච්ඤාවට සවන් දී පිළිතුරු සපයන සේක.

එවිට මම මෙම ගීතිකාව තුළ අනුග්‍රහයේ තවත් නියෝජිතයෙක් දුටුවෙමි. විශ්වාසවන්ත මිතුරෙකි. “ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා” (ගීතාවලිය 141:5). පරීක්‍ෂා ඉතා සූක්‍ෂමය. අප වැරදි පාරේ යන බව අපට සැම විට නොතේරේ. සත්‍ය මිතුරෙකු සෘජුය. “මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ” (හිතෝපදේශ 27:6). තරවටුව පිළිගැනීම අසීරුය. නමුත් තුවාල කිරීම “කරුණාවන්තකමක්” ලෙස සළකයි නම් අපව කීකරුකමේ හරි මාර්ගයට දමන ආලේපයක් බවට එය පත්වේ

විශ්වාසවන්ත මිතුරෙකුගෙන් සත්‍යයට අප විවෘත වෙමු. යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේ කෙරෙහි යැපෙමු.