ඇයගේ නම සැරලින්ය. අපගේ පාසැල් කාලයේදී මට ඇය ගැන සිතක් විය. ඇයට ඉතාම පියකරු සිනහවක් තිබුණි. මාගේ කැමැත්ත ඇය දැන සිටියාදැයි මම නොදනිමි. නමුත් එහෙම වෙන්නට ඇතැයි මම සැක කරමි. උපාධියෙන් පසු මට ඇය මග හැරුණි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි අපගේ ජීවිත දෙ අතකට ගියෝය.

මා අපගේ පංතියේ අය සමග අන්තර් ජාලයෙන් සම්බන්ධ වෙමි. සැරලින් මිය ගිය බව ආරංචි වී මට දුකක් ඇති විය. පසුගිය වසර කිහිපය තුළ ඇයගේ ජීවිතය ගතවූයේ කෙසේද? මා වයසට යන විට මිතුරන් සහ පවුලේ අය නැතිවන අත්දැකීම ඇති වන විට ඔවුන්ගේ ජීවිත ගතවූයේ කෙසේදැයි මම වැඩි වැඩියෙන් සිතමි. නමුත් අපගෙන් බොහෝ අය ඒ ගැන කථා කිරීමෙන් වළකින්නෙමු.

අපි තවමත් දුක්වෙමින් සිටිද්දී අපෝස්තලු පාවුල් කියන්නේ මරණයට අපි ගැන අවසන් වචනය අයත් නොවන බවය (1 කොරින්ති 15:54-55). ඉන්පසු එන්නාවූ දෙයක් තිබේ. ඒ නැවත නැගිටීමය. පාවුල් එම බලාපොරාත්තුවේ පදනම ලෙස පෙන්වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීමේ සත්‍යතාවයයි (12 පදය). ඔහු කියන්නේ “ඉතින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුණු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිෂ්ඵලය. නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය” (1 කොරින්ති 15:14) කියාය. ඇදහිලිවතුන් ලෙස අපගේ ඇදහිල්ල මේ ලෝකයට සීමාවේ නම් එය අනුකම්පාව ලැබිය යුතු කාරණයකි (19 පදය).

එක් දිනකදී අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ මැරුණාවූ අය දකින්නෙමු (18 පදය). ආච්චීලා සීයලා දෙමව්පියන්, මිතුරන් අසල්වාසීන් සහ සමහර විට පාසැල් කාලයේ යහළුවී සිටිය අයත් විය හැකිය.

මරණයට අවසන් වචනය අයිති නැත. එය අයිති වන්නේ නැවත නැගිටීමටය.