හිම මත ලිස්සා යාමට සාදා ඇති පිට්ටනි බොහෝ විට ලකුණු කර ඇත්තේ සුදු හිම මත නිල් වර්ණයෙනි. එම සළකුණු නරඹන්නන්ගේ දෘෂ්ටියට බාධාවක් විය හැකිය. නමුත් තරඟකරුවන්ගේ සාර්ථකත්වයට සහ ආරක්‍ෂාවට එය අත්‍යවශ්‍ය වේ. වේගවත් මංතීරුවේ කන්දේ පහළ දැකීමට එම තීන්ත තරඟකරුවන්ට උපකාර වේ. ඊට අමතරව තීන්ත වල වෙනස ගැඹුර ගැන දැනුවත් කිරීමක් ක්‍රීඩකයන්ට ලබා දෙයි. එතරම් වේගයකින් යන විට ඔවුන්ගේ ආරක්‍ෂාවට එම දැනුම නැතිවම බැරිය.

සාලමොන් තම දරුවන්ට එම ප්‍රඥාව සොයන්න යයි පවසන්නේ ජීවිත තුරඟ තරඟ පිටියේ ආරක්‍ෂාවෙන් සිටීමේ බලාපොරොත්තුවෙනි. නිල් ඉරි මෙන් ප්‍රඥාව ගැන ඔහු පවසන්නේ ඒවා “ඔවුන්ව සෘජු මාර්ගවල ගෙන යන බවත්” සහ ඔවුන්ව පැකිලෙන්නේ නැතිව තබන බවත්ය (හිතෝපදේශ 4:11-12). පියෙකු ලෙස ඔහුගේ ගැඹුරුම බලාපොරොත්තුව තම දරුවන් බහුල ජීවිතයක් ගත කිරීමය. එනම් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව නොමැතිව ජීවත්වීමේ අනතුරු මග හැරීමය.

දෙවියන්වහන්සේ අපගේ පියාණන් වශයෙන් බයිබලයෙන් නීල වර්ණ මග පෙන්වීමක් සළස්වන සේක. අපට කැමති ස්ථානයකට හිම මත ලිස්සා යා හැකිය. නමුත් බයිබලය අපට දෙන ප්‍රඥාව තරඟ පිටියේ සළකුණු මෙන් ඒවා සොයන්නන්ට “එයින් ජීවනය නික්මෙන්නේය” (22 පදය). අප පාපයෙන් හැරී උන්වහන්සේ සමග ගමන් කරන විට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අපගේ මාර්ග ආලෝකමත් වන්නේය. අපගේ පය පැකිලීමෙන් වළක්වා දිනපතා අපට මග පෙන්වීම දෙයි (12, 18 පද).