මාගේ පරිපාලක තුමා එක්තරා විද්‍යාල පැසිපන්දු කණ්ඩායමකට විශාල ලෙස සහයෝගය දක්වන්නෙකි. මේ වසරේ ඔවුන් ජාතික කිරුළ දිනාගත්තෝය. එවිට තවත් හවුල් සේවකයෙකු ඔහුට සුභ පතා විද්‍යූත් පණිවුඩයක් යැවීය. ගැටළුව නම් මාගේ පරිපාලකතුමාට අවසන් තරඟය නැරඹිමට එතෙක් නොහැකි වීමය. ඔහු අසහනයට පත්වී සිටියේය. ඊට හේතුව ක්‍රිඩාව දැකීමට පෙර ප්‍රතිඵලය දැන ගැනීමය. නමුත් ඔහු කිවේ ක්‍රීඩාව නරඹන විට ඔහු ප්‍රතිඵලය දැන ගෙන සිටි නිසා ඔහුට තැතිගැන්මක් ඇති වූයේ නැති බවය. දිනන්නේ කවුදැයි ඔහු දැන සිටියේය.

හෙට කුමක් අපට ගෙනේදැයි අපි හරියටම දන්නේ නැත. සමහර දිනයන් නීරස වෙහෙසකාරී විය හැකිය. අනිත් දිනයන් ප්‍රීතියෙන් පිරී තිබිය හැකිය. ජීවිත අර්බූදකාරීය. සමහර විට බොහෝ කල් වේදනාකාරී විය හැකිය.

අනාවැකි කිව නොහැකි ජීවිතයේ ඉහළ පහළ යාම්වලදී අපට දෙවියන්වහන්සේගේ සමාදානය තුළ ආරක්‍ෂිතව සිටිය හැකිය. ඊට හේතුව මාගේ පරිපාලක මෙන් අප කථාවේ අවසානය දන්නා නිසාය. දිනන්නේ කව්ද කියා අපි දනිමු.

බයිබලයේ අවසන් පොත වන එළිදරව් පොත ඒ අවසන් ජවනිකාවේ තිරය විවෘත කර පෙන්වයි. මරණයේ සහ නපුරේ අවසන් පරාජයෙන් පසු (20:10 සහ 14 පද) යොහන් අලංකාර ජයග්‍රහණ දර්ශනයක් ඉදිරිපත් කරයි (21:1-3). දෙවියන්වහන්සේ එහි තම සෙනග සමග උන්වහන්සේගේ නිවස සාදන සේක (3 පදය). ඉන්පසු “ඔවුන්ගේ ඇස් වලින් සෑම කඳුළක්ම පිස දමන සේක”. එහි “තවත් මරණ, විලාපය සහ වේදනාව හෝ ඇඬීම නැත” (4 පදය).

අසීරු දිවලදී අපට මෙම පොරොන්දුව සිහි කළ හැකිය. තවත් මරණ හෝ ඇඬීම නැත. එසේ වුනොත් හෝ මෙසේ වුනොත් හෝ කිමද සිත් බිඳීම්ද නැත. ඒ වෙනුවට අපි අපගේ ගැළවුම්කරුවාණන් සමග සදාකාලයේ ජීවත් වෙමු. එය කෙතරම් අනර්ඝ සැමරුමක් වන්නේද?