1957 මෙල්බා පැටිල්ලෝ බීල්ස් “කුඩා පර්වත නවය” යන කණ්ඩායමට තෝරා ගන්නා ලදී . අර්කන්සාස්හි ලිට්ල් රොක් නැමැති නගරයේ ද්වීථිය පාසැලකට ඇය සමග නවයක කණ්ඩායමක් තෝරා ගැණුනි. එය ඊට ප්‍රථම සුදු ජාතික සිසුන්ට පමණක් සීමාවී තිබුණි. 2018 දී ඇගේ නිබන්ධයක ඇය ලීවේ “මම බිය නොවෙමි. මගේ කථාව නම් ජීවිත කාලයේම ගිනි යට ඇදහිල්ල ගොඩ නැගීමකි” යනුවෙනි. පහළොස් වියැති ශිෂ්‍යාවක ලෙස ඇය දිනපතා මුහුණ දුන් අසාධාරණයන් සහ කෙණහිලිකම් ඇය විස්තර කරන්නීය. එය සිත බිඳෙන සුළුය.

නමුත් ඇය තමා තුළ තිබෙන ගැඹුරු ඇදහිලල්ද ප්‍රකාශ කරයි. ඇයගේ අඳුරුම අවස්ථාවලදී බිය ඇයව වසා ගන්නා විට ඇය තම ආච්චිගෙන් කුඩා කල ඉගෙන ගත් සුපුරුදු බයිබල් පද නැවත නැවත උච්චාරණය කළාය. ඒවා නැවත නැවත කියන විට දෙවියන්වහන්සේ තමන් සමග සිටින බව ඇයට දැණුනි. දරා ගැනීමට ශක්තිය ඇයට දේව වචනයෙන් ලැබුණි.

ප්‍රකාශ කිරීමෙන් ඇයට සැනසීම ලැබෙන ගීතාවලිය 23 බිල්ස් බොහෝ විට කියෙව්වාය. “එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;මක්නිසාද ඔබ මා සමඟය” (4 පදය). ඇයගේ මිත්තණියගේ දිරිදීමද ඇගේ කන් වලට ඇසේ. “දෙවියන්වහන්සේ ඔබගේ සමටත් වඩා ළඟින් සිටින සේක. ඔබට ඇත්තේ උපකාරය පිණිස උන්වහන්සේට මොර ගැසීම පමණි”.

අපට ආවේණික තත්ත්වයන් වෙනස් විය හැකිය. නමුත් අප සියල්ලෝ අසීරු අරගල සහ දරා ගැනීමට බැරි තත්ත්වයන්ට මුහුණ දෙන්නෙමු. ඉන් අප පහසුවෙන් බිය විය හැකිය. එවැනි අවස්ථාවලදී දෙවියන්වහන්සේගේ බලවත් අභිමුඛය නිතරම අප සමගය යන සත්‍යය ඔබගේ සිත් දිරිමත් කෙරේවා!