පැරිසියේ නෝට්රේ දාම් ආසන දෙව් මැදුරේ ගෘහ නිර්මාණ ශිල්පය උන්මාදජනකය. එහි කැපූ වීදුරුවලින් සාදන ලද ජනෙල් සහ අභ්‍යන්තර ගුණාංග දෑස් පිනවන්නේය. සියවස් ගණනාවක් පැරිසියේ භූමිතලය අලංකාර කරමින් සිටි එයට නැවත ප්‍රතිසංස්කරණය අවශ්‍ය වී ඇත. ඊට හේතුව එම තේජවත් ගොඩනැගිල්ල විනාශ කරන ගින්නක් පැතිරීමය.

සියවස් අටක් පැරණි මෙම ගොඩනැගිල්ලට ආදරය කරන අය එහි උපකාරයට පැමිණ සිටිති. ප්‍රතිසංස්කරණයට ඩොලර් බිලියනයක් පමණ එකතු වී තිබේ. ගල් ව්‍යුහය අලුත් විය යුතුය. විනාශ වූ අභ්‍යන්තරය සහ මිණිය නොහැකි වටිනාකමකින් යුත් කලාත්මක කෘති නැවත සැදිය යුතු වේ. නමුත් උත්සාහය අපතේ නොයන්නේය. මන්දයත් බොහෝ අයට මෙම පුරාණ ආසන දෙව් මැදුර බලාපොරොත්තුවේ සංකේතයක් වන නිසාය.

ගොඩනැගිලිවලට සත්‍යය වන දෙය අපගේ ජීවිතයටද සත්‍ය වේ. මේ පැරණි සභා ගොඩනැගිල්ල මෙන් සමහර විට ශරීරද පැරණි වැඩි වේ. නමුත් පාවුල් කියන ලෙස ශුභාරංචිය නම් අපගේ තරුණ ශරීරයේ ජ්වලිතය ටිකෙන් ටික අඩු වුනද අපගේ හරය අපගේ ආත්මික පුද්ගලයා දිනපතා නැවුම් වී වර්ධනය වන බවය (4:16).

ස්වාමින්වහන්සේ සතුටු කිරීම අපගේ ඉලක්කය කර ගත් විට (5:9) අපව පූර්ණ කර වෙනස් කරන්න ශුද්ධාත්මයාණන් කෙරෙහි යැපුණු විට (3:18; එපීස 1:18) අපගේ ආත්මික වර්ධනය නොකඩවා කෙරෙනු ඇත. අපගේ ගොඩනැගිල්ල කෙසේ පෙණුනත් කමක් නැත.