“වෙස්ට් විත් ද නයිට්” නැමැති ග්‍රන්ථයෙහි කර්තෘ මෙරිල් මාර්කම්, කැම්සිස්කන් නැමැති තම අශ්වයා පුහුණු කිරීම විස්තර කරන්නීය. අශ්වයා මුලින් මුරණ්ඩු විය. ඇයට සරිලන කර්තව්‍යයක් ඇයට ලැබුණි. ඇය මොන උපක්‍රමයක් යෙදුවත් ඒ උඩඟු අශ්වයා හරියාකාරව පුහුණු කිරීමට ඇයට බැරිවිය. එම මුරණ්ඩු කැමැත්තට විරුද්ධව ඇය ජයගත්තේ එක් වරකි.

අපගේ දිව මර්ධනය ගැන කී දෙනෙකුට එසේ සිතෙනවාද? අශ්වයෙකුගේ කටකලියාවකට හෝ නැවක සුක්කානමකට යාකොබ් දිව සමාන කළද (යාකොබ් 3:3-5) ඔහු මැසිවිලි නගන්නේ “ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත” (10 පදය) කියාය.

එසේනම් දිව මර්ධනය කර ගන්නේ කෙසේද? අපෝස්තලු පාවුල් දිව පාලනය කර ගැනීමට උපදෙස් දෙන්නේය. පළමු කාරණය සත්‍යය පමණක් කථා කිරීමය (එපීස 4:25). මෙය හානිකර ලෙස කථා කිරිමට බලපත්‍රයක් නොවේ. කෙසේ වෙතත් ඉන්පසු පාවුල් පවසන්නේ “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න” (29 පදය) යනුවෙනි. අපට කුණු ගොඩවල් ඉවත්කළ හැකිය. “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා” (31 පදය). මෙය පහසු වන්නේද? අපගේ උත්සාහයෙන් කිරීමට උත්සාහ කළොත් එය පහසු නොවේ. අප ස්තුතිවන්ත විය යුතු කාරණයක් නම් අප උන්වහන්සේ කෙරෙහි යැපෙන විට අපට උපකාර කිරීමට ශුද්ධාත්මයාණන් සිටින හෙයිනි.

මාර්කම් ඉගෙන ගත් ලෙස කැමැත්තන් අතර සටනේදී කැම්සිස්කන් අශ්වයා සමග තිබු අඛණ්ඩතාවය අවශ්‍ය වේ. දිව පාලනයේදීද එය එසේය.