“සතුටින් පුදුම වී” නැමැති ඔහුගේ පොතෙහි සී. එස්. ලුවිස් ඔහු වයස 33 දී යේසුස්වහන්සේ වෙත පැමිණි බව පවසයි. “දඟලමින්, අරගල කරමින්, මුරන්ඩුකමෙන්, පැනයාමට ස්ථානයක් සොයා සෑම තැන තම දෑස් යොමුකරමින්” ඔහු ක්‍රියා කළේය. ලුවිස්ගේ පුද්ගලික විරෝධය, ඔහුගේ දුර්වලකම් සහ ඔහු මුහුණ දුන් බාධා මධ්‍යයෙහි ස්වාමින්වහන්සේ ඔහුව ධෛර්යය සම්පන්න නිර්මාණශීලි ඇදහිල්ලේ සංරක්‍ෂකයෙකු කළේය. ලුවිස් දෙවියන්වහන්සේගේ සත්‍යය සහ ප්‍රේමය ගැන බලවත් රචනා සහ නවකථා තුළින් ප්‍රකාශ කළේය. ඒවා තවමත් කියවනු ලබන්නේය. අධ්‍යයනය කරනු ලබන්නේය. ඔහුගේ මරණින් වසර පනස් පහකට පසුවත් ව්‍යාප්ත වන්නේය. ඔහුගේ ජීවිතය ඔහුගේ විශ්වාසය පෙන්නුම් කරයි. එනම් පුද්ගලයෙකු තවත් ඉලක්කයක් තබාගැනීමට හෝ අලුත් සිහිනයක් ක්‍රියාත්මක කිරීමට මහළු නැති බවය.

අප සැළසුම් යොදා සිහින පසුපස යන විට අපගේ අරමුණු පවිත්‍රකර අප උන්වහන්සේට කැප කරන කුමණ දෙයක් වුවත් කිරීමට අපව බලගැන්වීමට දෙවියවන්වහන්සේට පුළුවන (හිතෝපදේශ 16:1-3). සාමාන්‍ය දේවල සිට විශාලතම අභියෝග තුළින් සර්ව බලධාරී අපගේ මැවුම්කරුවාණන් වෙනුවෙන් ජීවත් වීමට අපට පුළුවන (4 පදය). උන්වහන්සේ අපව රැක බලා ගන්නා කල්හි සෑම ක්‍රියාවක්ම, සෑම වචනයක්ම, සෑම සිතුවිල්ලක්මද පූර්ණ සිතින් කරන නමස්කාරයක් මෙන්ම අපගේ ස්වාමින් ගෞරවයට පත් කරන පුජාවක්ද විය හැකිය (7 පදය).

අපගේ සීමාවන් හෝ කුඩා දේවලින් හෝ සෑහීමට පත්වීමට ඇති අපගේ ප්‍රවණතාවයන් නිසා උන්වහන්සේ සීමා කළ නොහැක. අප උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වීම තෝරාගත් විට උන්වහන්සේට කැපවී යැපෙන විට උන්වහන්සේ අප වෙනුවෙන් තබා ඇති සැලසුම් ක්‍රියාත්මක කරන සේක.අප කරන ඕනෑම දෙයක් උන්වහන්සේ සමග හෝ උන්වහන්සේ වෙනුවෙන් හෝ උන්වහන්සේ නිසාම පමණක් හෝ කළ හැකිය.