“පාවුල් – ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළු” යන චිත්‍රපටියේ මුල් සභා කාලයෙහි තිබූ පීඩාව ගැන විවෘත බැල්මක් හෙළන්නේය. චිත්‍රපටියෙහි කුඩා චරිත පවා පෙන්වන්නේ යේසුස්වහන්සේ අනුගමණය කිරීමේ භයංකාරත්වයයි. මේ භූමිකා ලැයිස්තුව ගැන කල්පනා කරන්න : පහර කෑ ස්ත්‍රීය, පහර කැ මිනිසා, ක්‍රිස්තියානි චූදිතයන් 1, 2 සහ 3.

ක්‍රිස්තුස්වහන්සේ සමග හඳුන්වාගැනීම පැමිණියේ විශාල මිළයක් සමගය. ලෝකයේ බොහෝ ප්‍රදේශවල අදත් යේසුස්වහන්සේ අනුගමණය කිරීම භයානකය. සභාවේ බොහෝ අයට එවැනි පීඩා සමග තමන්ව හඳුන්වා ගත හැකිය. අපගේ ඇදහිල්ල අපහාසයට ලක්වූ විට හෝ අපගේ විශ්වාසය නිසා උසස්වීමක් නොලැබී ගියා යයි සිතන විට හෝ වැනි සුළු දෙයකට පවා තමන් පීඩාවට පත්ව ඇතැයි අපගෙන් සමහරෙක් සිතිය හැකිය.

අනිවාර්යයෙන් අපගේ සමාජීය තත්ත්වය පූජා කිරීම සහ අපගේ ජීවිත පූජා කිරීම අතර විශාල වෙනසක් තිබේ. සත්‍යය ලෙස බලන විට තමා ගැන සිතා වැඩ කිරීම, මූල්‍යමය ස්ථාවරත්වය සහ සමාජ පිළිගැනීම දැඩි මිනිස් පෙළඹවීම්ය. යේසුස්වහන්සේගේ මුල් අනුගාමිකයන් තුළ අපි මෙය දකිමු. අපෝස්තුලු යොහන් වාර්තා කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිපත් කිරීමට දින කිහිපයකට පෙර බොහෝ ඉශ්‍රායෙල්වරු උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කළත් (යොහන් 12:37) සමහර නායකයන් උන්වහන්සේව විශ්වාස කළත් (42 පදය) බිය නිසා ඔවුහු තම ඇදහිල්ල විවෘතව ප්‍රකාශ කළේ නැතිබවයි. ඔව්හු දෙවියන්වහන්සේගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා සෙනගගේ ප්‍රශංසාව අගය කළෝය (42-43 පද).

අදද අපි සමාජීය පීඩනයට යොමු වෙමු. ඒ අපගේ ඇදහිල්ල සඟවා තබා ගැනීමටය. මිළය කුමක් වූවත් මනුෂ්‍ය ප්‍රශංසාවට වඩා දෙවියන්වහන්සේගේ ප්‍රශංසාව සොයන සෙනගක් ලෙසට අපි නැගී සිටිමු.